Sign in
  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
  • විචිත්‍ර
  • තාක්ෂණ
  • අද මව්බිම
    • අද පුවත්
    • අද විශේෂාංග
    • කතුවැකිය
    • Tabloids
      • Her
      • Bro
      • Business
      • Horoscope
    • ප්‍රාදේශීය
      • North
      • East
      • West
      • South
    • කාටූන්
  • ඉරිදා මව්බිම
    • ඉරිදා-පුවත්
    • විශේෂාංග
      • Play
      • Myth
      • Mystery
      • Matrix
      • Galaxy
    • කතුවැකිය
    • Tabloids
      • හදගැස්ම
      • සංසාර
      • තරුපති
      • වෙද
    • දේශපාලන සාකච්ඡා
Sign in
Welcome!Log into your account
Forgot your password?
Password recovery
Recover your password
Search

Logo

Logo

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, මෝටර් රථ ලියාපදිංචි කිරීම් සහතික (එක්දින සේවය) වාහන ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, පොලිස් සහතික, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික පත්‍ර, ලොතරැයි ටිකට්පත් ඇතුළු විවිධ මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණයකොට දිවයින පුරා අලෙවි කරන මහපරිමාණයේ ව්‍යාජ මුද්‍රණාලයක් රාගම, බටුවත්ත ප්‍රදේශයේදී වැටලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ සමත්විය. 

පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ස්ථානය වැටලීමට එක්විය. රාගම පොලිසියට නුදුරුව වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම තිප්පොළ කිසිදු පොලිසියකින් හෝ විමර්ශන කණ්ඩායමක් විසින් වටලා නොතිබිණි. 

රහස් පොලිසියේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් නයිජීරියානුවන් සම්බන්ධයෙන් කරන ලද පුළුල් විමර්ශනයකදී නයිජීරියානුවන් සතුව තිබූ හැඳුනුම්පත් හා ව්‍යාජ ලියකියවිලි ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව නයිජීරියානුවන් හා සම්බන්ධකම් පැවැත්වූ බේ‍රා්කර්වරයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තිප්පොළ හා එය පවත්වාගෙන ගිය වයස අවුරුදු 60ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුද උපාය දූතයෙකු ලෙස රුපියල් 4000ක් ගෙවා ජාතික හැඳුනුම්පතක් සකස් කර ගැනීමට යන මුවාවෙන් කරන ලද වැටලීමකදී ය.

සැකකාර පුද්ගලයා රාගම, බටුවත්ත නිවසේ මෙම මුද්‍රණ කටයුතු තනිව ම පවත්වාගෙන ගොස් ඇති අතර එම ගෙදරට කිසිදු පිටස්තරයෙකු රැගෙන නොයන බව ත් මෙවන් සහතිකපත්, මුදල් නෝට්ටු අවශ්‍ය නම් ඔහු හා සම්බන්ධ තැරැව්කරුවන් මාර්ගයෙන් විස්තර හා ඡායාරූප ලබාගෙන ගොස් ඒවා රාගම නිවසේදී සකස්කොට අදාළ පුද්ගලයන්ට මුදලට විකිණීම සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙම සහතිකපත්‍ර, රියැදුරු බලපත්‍ර හා සෙසු බලපත්‍රවලට අමතරව රුපියල් දාහේ නෝට්ටු, රුපියල් 5000 නෝට්ටු, මාලදිවයින් රෆියා නෝට්ටු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිත කරන ඩිනාර් නෝට්ටු හා ඩොලර් නෝට්ටු ද මොහුගේ නිවෙසේ තිබී සොයා ගෙන තිබිණි. 

හැඳුනුම්පත් සකස් කරන කාඩ්, ජාතික හැඳුනුම්පත් සකස් කරන කොළ, ජාතික හැඳුනුම්පත් සකස් කරන ඡායාරූප, මුද්‍රා තබන ලද සීල්, ලැප්ටොප් පරිගණක, දෘඪ තැටි, RAM, CD ROM, Scanner, WiFi router, Laminating machine, Colour printer, Typewriter, Photocopy machine, Toner powder pack, සංවර්ධන ලොතරැයි ටිකට්පත්, සංවර්ධන ලොතරැයි කෝටිපති ටිකට්පත්, මෙගාපවර් ලොතරැයි හා සම්පත් රේඛා ටිකට්පත් ද මොහුගේ නිවසේ තිබී පරිගණක අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත. 

වසර ගණනාවක් තිස්සේ මොහු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර ඒ කාලය මොහු විසින් ව්‍යාජ ලෙස සකස් කළ උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග සහතික නොයෙකුත් රැකියාවන් වෙත ඉදිරිපත් කර රැකියා ලබාගත් පුද්ගලයන් ගණන ද අතිවිශාල බව එම කොට්ඨාසය කියයි. 

එමෙන් ම, මොහු විසින් ව්‍යාජ ලෙස සකස් කර මුදලට විකුණූ­ ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, මෝටර් රථ ලියාපදිංචි බලපත්‍ර, වාහන ආදායම් බලපත්‍ර, මුදල් නෝට්ටු, විභාග සහතික රටපුරා මේ වනවිටත් සැරිසරමින් පවතින අතර ඔහු විසින් මෙවන් අපරාධ කෙතරම් කළේ ද යන්න දැන ගැනීම සඳහා සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ඊයේ රාත්‍රියේ සිට අරඹා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙනිය මහතාගේ මෙහෙයවීම මත සමාජ මාධ්‍ය අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් පද්මසිරි ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

සෙවීම

LogoNewsWeekPRO

ගිණුම
Get into your account.
LoginRegister
E-PAPER
Ceylon Today
  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
  • විචිත්‍ර
  • තාක්ෂණ
  • අද මව්බිම
    • අද පුවත්
    • අද විශේෂාංග
    • කතුවැකිය
    • Tabloids
      • Her
      • Bro
      • Business
      • Horoscope
    • ප්‍රාදේශීය
      • North
      • East
      • West
      • South
    • කාටූන්
  • ඉරිදා මව්බිම
    • ඉරිදා-පුවත්
    • විශේෂාංග
      • Play
      • Myth
      • Mystery
      • Matrix
      • Galaxy
    • කතුවැකිය
    • Tabloids
      • හදගැස්ම
      • සංසාර
      • තරුපති
      • වෙද
    • දේශපාලන සාකච්ඡා

Logo

  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
  • විචිත්‍ර
  • තාක්ෂණ
  • අද මව්බිම
    • අද පුවත්
    • අද විශේෂාංග
    • කතුවැකිය
    • Tabloids
      • Her
      • Bro
      • Business
      • Horoscope
    • ප්‍රාදේශීය
      • North
      • East
      • West
      • South
    • කාටූන්
  • ඉරිදා මව්බිම
    • ඉරිදා-පුවත්
    • විශේෂාංග
      • Play
      • Myth
      • Mystery
      • Matrix
      • Galaxy
    • කතුවැකිය
    • Tabloids
      • හදගැස්ම
      • සංසාර
      • තරුපති
      • වෙද
    • දේශපාලන සාකච්ඡා

Logo

  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
  • විචිත්‍ර
  • තාක්ෂණ
  • අද මව්බිම
    • අද පුවත්
    • අද විශේෂාංග
    • කතුවැකිය
    • Tabloids
      • Her
      • Bro
      • Business
      • Horoscope
    • ප්‍රාදේශීය
      • North
      • East
      • West
      • South
    • කාටූන්
  • ඉරිදා මව්බිම
    • ඉරිදා-පුවත්
    • විශේෂාංග
      • Play
      • Myth
      • Mystery
      • Matrix
      • Galaxy
    • කතුවැකිය
    • Tabloids
      • හදගැස්ම
      • සංසාර
      • තරුපති
      • වෙද
    • දේශපාලන සාකච්ඡා

සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම
අංක 101, රොස්මිඩ් පෙදෙස,
කොළඹ 7. ශ්‍රී ලංකා

Facebook
Instagram
Twitter
Youtube
අප අමතන්න

සාමාන්‍ය ඇමතුම්
+94 117 566 566

කර්තෘ අංශය
+94 117 566 522
+94 117 566 526
+94 117 566 527

ඊ මේල්
[email protected]

Company

  • About us
  • Contact us
Advertise With Us

Subscribe

All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to ceylontoday.lk | Copyright © 2022 Ceylon Newspapers (Pvt) Ltd.