“ජාතික සභාවේ ඉන්නේ යටි ඩීල් කරුවන්” – අනුර

1
166

ජාතික සභාවට පත්කර ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ “යටි ඩීල්කරුවන්” බහුතරයක් බව ජනතා විමුක්ති පෙරමුණ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීම අසාර්ථක වූ තැන ජාතික සභාවක් කියා දවටනයක් යොදා ඉන් ජනතාව මුලා කර ඇතැයි ද ජවිපෙ නායකයා කීය.

ජාතික සභාවෙ මූලික හරය කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සියලු පක්ෂවල එකඟතාවෙන් මග පෙන්වීම වුවත් වත්මන් ජාතික සභාවෙන් එය ඉටු නොවන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

“මේ මතුව තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අප විසින් ප්‍රතිඵලදායක සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය බව මුලින් ම පැවසුවා. ආණ්ඩුව එයට මුළුමනින් ම පයින් ගසා රනිල් ප්‍රමුඛ රාජපක්ෂලා ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ රනිල් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කිව්වට ඒකට කිසිවෙක් සම්බන්ධ වුණේ නෑ. දැන් ජාතික සභාවට කට්ටිය පත්කර ගෙන තිබෙනවා. හැබැයි ඊට කලින් ම ආණ්ඩුව කැබිනට් මණ්ඩලයක් හදලත් ඉවරයි. දැන් අපිට ජාතික සභාවකට එන්න ලු. ඒ වගේ ම වංචනිකයන්, දූෂිතයන් ආරක්ෂා කරලා, අරගලකරුවන් මර්දනය කරලා ජාතික සභාවක් ගොඩනැගීම විගඩම්කාරි වැඩක්. මේකට අපි එකඟ නෑ.”

1 COMMENT

Comments are closed.