සීනි බදු වංචාව යළි කරළියට

0
314

සීනි බදු වංචාව සම්බන්ධයෙන් දින 10ක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා එලෙස පවසා සිටියේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

පෞද්ගලික බදු ගොනු සංඛ්‍යාව ලක්‍ෂ 15 සිට ලක්‍ෂ 4 දක්වා ලක්‍ෂ 11කින් අඩුවී ඇති බව ද එම තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

රට ඇත්තේ අභියෝගයක් හමුවේ නොව අර්බුදයක් හමුවේ බව ද අර්බුදය යනු පතුල නොපෙනෙන අගාධයක් බව ද හෙතෙම පැවසීය.

රට තුළ ඇතිවී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා රට තුළ දේශපාලනික ස්ථාවරභාවයක් ඇතිවීම අත්‍යවශ්‍ය සාධකයක් වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

රට තුළ ආරම්භ වූ ආර්ථික අර්බුදය විසඳීම සඳහා රට තුළ දේශපාලනික ස්ථාවරභාවයක් ඇතිවීම අත්‍යවශ්‍ය සාධකයක් බවට දේශීය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර් ජාතික ආයතන පවා යෝජනා කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අභියෝගාත්මක අවස්ථාවේ රට භාර ගැනීමට ගත් තීරණය ගැන ජනාධිපතිවරයාට ගරු කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.