මහ බැංකුවේ රහසක්

0
1347

ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග කරන ගිවිසුම්වලට අදාළ තොරතුරු අතීතයේ සිට ම රහසිගතව තබා ගෙන ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ‘මව්බිම’ට පැවසීය.

සාමාන්‍යයෙන් සිදු වන්නේ ගිවිසුම අස්සන් කළ පසු තොරතුරු හෙළි කිරීම බව ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා ප්‍රකාශ කළ අතර මීට පෙර මෙරට කිසිදු ආණ්ඩුවක් ගිවිසුම අත්සන් කිරීමට පෙර තොරතුරු හෙළි කර නැති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

කෙසේ වුව ද අයි.එම්.එෆ්. (IMF) ගිවිසුම්වලට ආදාළ තොරතුරු ගිවිසුම් අත්සන් කිරීමට පෙර හෙළි කිරීමට හැකියාවක් තිබෙන බව ද ඩබ්ලිව්.ඒ. විජේවර්ධන වැඩිදුරට ත් පැවසීය.