හෝමියෝපති ප්‍රතිකාරවලින් උරහිස් සන්ධි ආශ්‍රිත ආබාධ සුවකරන හැටි

0
13

උරහිස් සන්ධිය හා එය ආශ්‍රිතව වේදනාව සහිත බොහෝ රෝගීන් අද සමාජය තුළ නිතර දක්නට ලැබෙනවා.

ඔබ දන්නවාද උරහිස් සන්ධිය ශරීරයේ වැඩිපුරම චලනයන් සිදුකරන සන්ධියයි. මෙය සංකීර්ණ සන්ධියක් ලෙස හ¾දුන්වනු ලබනවා.

ඕචතත චදඤ ඉධජඬඥබ (ගෝල කුහර සන්ධිය) වර්ගයේ සන්ධියක් වන මෙම කුහරය  (ඉධජඬඥබ) වටා කාටිලේජ වළල්ලකින් සමන්විත වෙනවා. මස්පිඬු හා කැප්සුලය මඟින් උරහිස් සන්ධියට ස්ථාවර බවක් ගෙන දෙනවා.

හේතු සාධක

වේදනාකාරී උරහිස් සන්ධියක් සඳහා පහත සාධක හේතුවිය හැකිය.

බොහෝමයක් උරහිස් ආශ්‍රිත රෝගාබාධ සන්ධියේ කුඩා කොටසකට සීමා වන අතර කුඩා කාලයක් පමණක් වේදනාව පවතී. නමුත් ඇතැම් අවස්ථාවල උරහිස් වේදනාව පුළුල්ව හා දීර්ඝකාලීනව පවතින්න පුළුවන්. (ඔස්ටියෝ ආතරයිටීස්) රූමැටොයිඩ්  ආතරයිටීස් රෝගීන් තුළ උරහිස් සන්ධියේ වේදනාව සහ ඉදිමුම දක්නට ලැබෙනවා ඊට අමතරව ක්‍රිකට්, බැට්මින්ටන්, ටෙනිස් ක්‍රීඩකයන් තුළ මේ තත්ත්වය දැකගන්න පුළුවන්.

ප්‍රදාහක අවස්ථා

(Inflammation)

සන්ධිය අවට උණුසුම, රතුවීම, වේදනාව සහ ඉදිමුම දැකගන්න පුළුවන්. මෙය සිදුවන්නේ තුවාල හෝ ආසාදනවලට ශරීරය දක්වන ස්වාභාවික ප්‍රතිචාරයක් ලෙසයි.

උරහිස් සන්ධිය වටා ඇති මාංසපේශී හා කණ්ඩරාවල ඇතිවන හානි වූ අවස්ථා බෙල්ල හා උරහිස අතර මාංසපේශීවල ඇතිවන ආතතිය ඕභපඵචවල ප්‍රදාහක අවස්ථා අස්ථි හා කාටිලේජවලට ඇතිවන හානිකර අවස්ථා

හෝමියෝපති ප්‍රතිකාර

උරහිස් සන්ධිය ආශ්‍රිත රෝගාබාධවලට හෝමියෝපති ප්‍රතිකාර පවතිනවා. බොහොමයක් ශ්‍රී ලාංකිකයන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව නොදැනුවත්. ජර්මන් ජාතික ක්‍රිස්ටියන් ෆෙරික් සැමුවෙල් හනිමන් වෛද්‍යතුමා 1796දී ලෝකයට හ¾දුන්වා දුන් බටහිර වෛද්‍ය ක්‍රමයක්. එතුමා බටහිර වෛද්‍යවරයෙක්. බටහිර වෛද්‍ය ක්‍රමයේ තිබූ අතුරු ආබාධත් වේදනා නාශක නිසා රෝග තාවකාලිකව යටපත් වීමත් දුටු එතුමාගේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස හෝමියෝපති වෛද්‍ය ක්‍රමය බිහිවුණා.

ඔබ දන්නවාද මෙම ක්‍රමයේදී අතුරු ආබාධ නොමැති නිසා ලෝකයේ බොහෝ රටවල් හෝමියෝපතිවලට යොමු වෙලා තියෙනවා. බි්‍රතාන්‍යයේ මහ රැජින පවා හෝමියෝපතිවලට යොමු වෙලා ඇත්තේ එහි අතුරු ආබාධ නොමැති නිසයි.

අධි මාත්‍රා වේදනා නාශක, ප්‍රතිජීවක භාවිත කරමින් රෝග යටපත් කරමින් තාවකාලික තෘප්තියක් ලබන රෝගීන්ට හෝමියෝපති මහඟු අත්වැලක් වේවි.

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍ය 

හසිත සුබසිංහ

BHMS (Bachelor of Homoeopathy Medicine &
Surgery , Kolkata)

0771175513 / 075 9125926