සැමියා මරා දැමූ තැන බිරියත් සමඟ සිටි ශක්තිමත් වමත්කරු කවුද?

0
98

කල්‍යාණි දෑස් පියාගෙන එළැඹෙන තත්පරය ගැන සිතුවාය. හරියට රෑ එකට සුමනසිරි එන එකනම් නිසැකය. දැන් වෙලාව දහයහමාරට විතර ඇත. කල්‍යාණි පසෙකින් නිදන සුදර්මන් දෙස බැලුවාය. දැන් දැන් ඇයට පෙනෙන්නේ සුදර්මන් මහා විරුද්ධකාරයකු මෙනි. ඇය සුදර්මන්ගේ නුගුණ හිතට නඟාගන්නට උත්සාහ කළාය. එහෙත් ඔහුගේ පැහැදිලි නුගුණයක් ඇයට සිතා ගැනීමට නොහැකි විය. සුදර්මන් සැබැවින්ම ගුණයහපත් පුද්ගලයෙකි.

කොම්පැනියක බුල්ඩෝසර් ක්‍රියාකරවන්නෙක් වන ඔහු කල්‍යාණිට වඩා වසර තුනක් පමණ වැඩිමල්ය. ඔවුන් දෙදෙනා විවාහ වූයේ මින් වසර අටකට පමණ පෙර යෝජිත විවාහයකිනි. දැන් ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් වෙති. විවාහ වූ පසු දරුවන්ද සමඟින් මියයනතෙක්ම එක්ව සිටීම මිස වෙන කිසි දෙයක් කල්‍යාණිගේ සිතේ අහලකවත් තිබුණේ නැත. එහෙත් සිදුවීම් සිදුවන්නේ කලින් දැනුම් දී නොවේ. ඔවුන් පදිංචිව සිටියේ ඉතා කුඩා නිවසකය. මේ නිසා ක්‍රමයෙන් සුදර්මන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙත්ම අලුත් නිවෙසක් පැරැණි නිවස ඉදිරිපිටින් තනාගැනීමේ අදහස ක්‍රියාවට නැඟීමට සිතුවේය.

අලුත් නිවෙසේ ගොඩනැඟීම් කටයුතු නිදහසේ කිරීමට අවශ්‍ය නිසා දරුවන් දෙදෙනා මහගෙදරට ගොස් හැරලිණි. උදයේ සුදර්මන් වැඩට ගිය පසු බාස්උන්නැහේලා වැඩට පැමිණෙති. කල්‍යාණි ඔවුන්ට තේ සාදන්නීය. දහවල් කෑමද ලෑස්ති කරන්නීය. එදිනෙදා අවශ්‍ය වන මුදල් ඔවුන් අතට දෙන්නීය. ඇත්ත වශයෙන්ම නිවස ගොඩනැඟීමේ කටයුතු බොහොමයක් සිදු කෙරුණේ කල්‍යාණි අතිනි. දැන් නව නිවෙසේ බිත්ති බැඳ නිමාවිය. ඊළඟට ඇත්තේ වහලය ගැසීමයි. සුදර්මන් වහලට ලී දඬු සෙවීමට සෑහෙන්න මහන්සි විය.  අවශ්‍ය ලී ටික සොයාගත් පසු හොඳ වහල බාස්උන්නැහේ කෙනෙක් සොයාගත  යුතුය.

“හොඳ දක්ෂ මිනිහෙක් ඉන්නව සුමනසිරි කියලා. ගාල්ල පැත්තෙ මිනිහෙක්. අපි මිනිහට වැඩේ භාර දෙමු” සුදර්මන් පැවැසීය. සුමනසිරි අවිවාහකයෙකි. එසේම දක්ෂයෙකි. ඒ තරමටම ආඩම්බරකාරයෙකි. ඔහු බෙහෙවින්

අනික් වැඩකරුවන්ට සැරය. එහෙත් කල්‍යාණි සමඟ කතා කිරීමේදී බෙහෙවින් ඇද පැද කතා කළේය. ඔහු ගැහැනු සිත් දිනාගැනීමේ දක්ෂයෙකි. ඉතා කෙටි කලකදී ඔහු සියල්ලන්ගේම සිත් දිනාගත්තේය. “කොහොමද මම ගෙනාපු මිනිහා” සුදර්මන් වැඩ ඇරී පැමිණි විට අසයි.

“බොහොම හොඳයි. එක මොහොතක්වත් නිකම් ඉන්නේ නෑ වැඩ.” කළ්‍යාණි උත්තර දුන්නාය. තවත් දින කිහිපයක් ගත විය කල්‍යාණි සහ සුමනසිරි තහනම් ආදරයක ඉම පනිමින් සිටියෝය. දැන් දැන් කල්‍යාණිගේ මනස පුරාවටම හොල්මන් කළේ සුමනසිරිගේ රූපයයි. හිතේ දැවටුණේ සුමනසිරිගේ සුවඳයි.

“මට දැන් උඹ නැතුව බැහැ කල්‍යාණි” සයනයේ පසෙකින් නිදාගෙන සිටි වහලය දෙස බලාගෙන සුමනසිරි පැවැසීය.

“මටත් එහෙම තමයි මොකද ඉතින් කරන්නේ.”

“තව සතියකින් මෙහෙ වහලෙ වැඩ ඉවරයි. මම යනකොට මාත් එක්ක යමු.”

“පිස්සුද ඔයාට. ඔය වෙන්නෙ නැති දේවල් ගැන කතාව නවත්තමු.”

“නෑ මම බොරුවට නෙවෙයි කියන්නෙ. ළමයි ඔය ඉන්න විදිහට මහගෙදර හිටියාවෙ. මගේ මේ ඔයා එක්ක කරන ආස්සරේ බොරුවට නෙමෙයි ඔයාව ලබා ගන්නමයි.”

“එතකොට සුදර්මන් අපිව හොයාගෙන එයිනෙ.”

“ඒ ඉතින් පණ පිටින් හිටියොත් නොවැ. සුමනසිරි පැවැසීය.

සුමනසිරිගේ බිහිසුණු යෝජනාවෙන් ගැලවීමට කල්‍යාණිට කෙසේවත් ඉඩ නොලැබිණි. ඇය නැවතත් තමා අසල නිදන සුදර්මන් දෙස බලා සිටියාය.” කොහොම වුණත් දැන් මට මේ මිනිහ එක්ක ඉන්න බෑ. මට සුමනසිරි නැතුව වෙන කවුරුවත් හරියන්නෙ නැහැ. දැනටමත් එයා මම ගැන වහ වැටිල. මට පුදුම ආදරයක් එයාගෙ හිතේ තියෙන්නේ.” කල්‍යාණි කල්පනා ලොව සැරිසැරුවාය. ඒ වුණත් මේ මිනිහා මරන්න තරම් වරදක් නෑනෙ. කල්‍යාණි නැවතත් වගේ වගකට නැතිව නිදන සුදර්මන් දෙස බලා සිටියාය. ඔහුගේ මුහුණේ මදුරුවකු වසා සිටී. කළ්‍යාණි මදුරුවා එළවා දැමීය. මොන දේ හරි සුමනසිරි කරන්නැතෑ. මම නෙවෙයිනෙ කරන්නේ.

ඒ මිනිහත් පුදුම හිත තද මිනිහෙක්. සුමනසිරිත් ඉතින් කිව්වොත් කිව්ව තමයි. තනි වචනෙ මිනිහෙක්. කල්‍යාණි අඳුරට සිනාසුණාය. ඇයට හදිසියේ නිදිමතක් දැනුණි. ඇය දෑස් පියාගත්තාය. ‍ෙදාළහමාරට පමණ ඇයට තිගැස්සී ඇහැරිණි. මේසය මත තබා තිබූ පොස්පරස් කටු සහිත එලාම් ඔරලෝසුවේ ‍ෙදාළහමාර සටහන් වී තිබිණි. ඇය සෙමින් ඇස් හරවා සුදර්මන් දෙස බැලීය. ඔහු සිටින්නේ තද නින්දේය. තවත් පැය භාගයකින් සුදර්මන් කැඳවාගෙන එළියට යා යුතුය. කල්‍යාණිගේ සිත පරඬැලක් සේ ගැහෙන්නට විය. තමා මේ කරගන්නට හදන්නේ මොන පාපකර්මයක්දැයි ඇයට සිතිණි. ඇය ඇඳෙහි වාඩි විය. මේ හැමදේම ඔහු නැඟිටවා කියා සමාව

අයදින්නටද ඇයට සිතිණි. තවත් විනාඩි විස්සක් පමණ ගෙවී ගියේය. නෑ මම මේ මිනිහව මරන්න දෙන්නෙ නෑ. සුමනසිරි ඕනෑ දෙයක් කරගත්තාවෙ. මම මේ පාපකර්මෙ කරන්නෙ නැහැ. ඇය අවසානයේ තීරණය කළාය. ඇය නැවත පොරෝනය සකස් කරගෙන නින්දට සැරසෙද්දීම කුස්සියේ දැල් කෑල්ලේ ‍ෙදාරට ඉතා සෙමින් තට්ටු කරන හඬ කල්‍යාණිට ඇසුණි. ඇය නැවතත් ඉඳ ගත්තාය. ඇගේ හදවත ගැසෙන්නට විය. සුමනසිරි ඇවිල්ලා. ඇයට සිතිණි.

“මොකද නැඟිටලා ඉන්නේ?” හදිසියේ සුදර්මන් ඇස් හැර කල්‍යාණිගේ අතින් අල්ලා සොලවමින් ඇසුවේය. “මගේ බඩ රිදෙනවා. දැන් ටිකක් වෙලා. ලැට් එකට ගියොත් හොඳයි වගේ. මම ඔයාට කතා කරන්ඩයි බැලුවේ.”

“රෑට කාපු කොත්තු රොටිය දිරවගන්ඩ අමාරුවෙන්ඩ ඇති. සුදර්මන් නැඟිට ඇඳෙන් බැස්සේය. වැසිකිළිය පිහිටියේ නිවෙසේ සිට අඩි පනහක පමණ දුරකිනි. ඊට කුස්සියේ ‍ෙදාරින් පිටව එළියට යා යුතුය. “කෝ මගෙ අතට දෙන්ඩකෝ ටෝච් එක. ඔයාට පුළුවන්ද ඔය බාල්දියට වතුර එකක් ගෙනත් දෙන්ඩ.”

කල්‍යාණි ටෝච් එක ගෙන වැසිකිළිය තුළට වී ‍ෙදාර වසාගෙන අවට පරිසරයට කන් යොමාගෙන සිටියාය. සුදර්මන් ළිඳ වෙත යන අඩි ශබ්දය ඇසිණි. අනතුරුව ළිඳේ බාල්දියේ ශබ්දයද බොලොක්කයේ කිරිකිරි ශබ්දයද ඇසිණි. තවමත් කිසි දෙයක් සිදු නොවිණි.

“ආ මෙන්න වතුර එක සුදර්මන් ‍ෙදාර ඉදිරියෙන් ගෑවී යන ලෙස වතුර බාල්දිය තැබුවේය. තව විනාඩි පහක් විතර ඇතුළෙ ඉන්නව. ඇය ‍ෙදාර හැර බාල්දිය ඇතුළට ඇදගත්තාය. ‘ඒ සමඟම අම්මෝ යැයි කෑගසන ශබ්දයක්ද සාප කිරීමේ සහ දඟලන ශබ්දයක්ද වැසිකිළිය තුළට ඇසිණි. කල්‍යාණි ‍ෙදාර පියන තදකර වසාගෙන අල්ලාගෙන සිටියාය. ඉක්මනට දෙකින් එකක් වෙනවා නම් හොඳයි ඇයට සිතිණි.

“හරි කල්‍යාණි එළියට වරෙන්” සුමනසිරි හතිලමින් උගුරෙන් කතා කළේය. කල්‍යාණි එළියට පැමිණියාය. “හරිද” ඇය සුමනසිරිගේ අත අල්ලාගත්තාය. සඳ එළියේ සුදර්මන් බිම වැටී සිටිනු ඇය දිටීය. විදුලි පන්දම අත තිබුණු නමුත් ඇය විදුලි පන්දම දැල්වූයේ නැත.

“මැරිලද”

“නෑ මං හිතන්නේ. අපි දැන් මේකව උස්සගෙන ගිහින් ඇඳේ දාලා ගිනි දාමු”

සුමනසිරි නැමී සුදර්මන්ව හරහට ගත්තේය. කල්‍යාණි ඉදිරියෙන් දිව ගොස් කුස්සියේ කම්බි දැල් කෑල්ලේ ‍ෙදාර හැරියාය. සුදර්මන් ඔසවාගෙන පැමිණි සුමනසිරි ඔහුව කල්‍යාණි පෙන්නූ ඇඳෙහි තැබීය. සුදර්මන්ගේ හිසේ පැත්තක කොණ්ඩය පෙඟී ගෙන මුහුණ දිගේ ලේ දහරා ගලා යමින් පැවැතිණි. කල්‍යාණි පසෙක බිම තිබූ චිමිනි ලාම්පුවේ දැල්ල වැඩි කළාය.

කල්‍යාණියේ” හදිසියේම තුවාලකරු කෙඳිරීය.

“ඉක්මන් කරපන් මේකට සිහිය එන්න පුළුවනි.”

“මොකද කරන්නෙ? කල්‍යාණි සිහින් හ¾ඩින් ඇසුවාය.

ඔය දෙකේ පොළුයි රීප්පයි මෙහාට ගනිං. වහලය ගැසීමට ගෙනා රීප්පත් දෙකේ දෙකේ ලීත් සාල කෑල්ල පුරාවට අසුරා තිබිණි. ඒවා කල්‍යාණි සුදර්මන් සමඟ ඇසුරුවේ පෙරදාය. සුමනසිරි හැකිතාක් මෙම ලී ඇඳ වටේට තබා තවත් කොටසක් සුදර්මන් මතින්ද තැබීය. කල්‍යාණි ඇඳ මතට නැමී සුදර්මන්ගේ කොට්ටය අතට අතරුවා යතුරු කැරැල්ලක් එළියට ගත්තාය. අනතුරුව ඇය කාමරයේ වූ අල්මාරිය හැරියාය.

“ඔය මොකක්ද කරන්න හදන්නෙ?”

“මගේ රත්තරන් බඩු ටික ගන්ඩ ඕනෑ.”

“හා ඉක්මන් කරපං”

සුමනසිරි චිමිනි ලාම්පුවේ කර ළඟිින් කරකවා භූමිතෙල් දර ගොඩටත් සුදර්මන්ගේ ඇඟටත් ඉස ගිනි තැබීය.

ගිනි ජාලාව බුර බුරා ඇවිළෙන්නට විය.

“දැන් ගනිං බර ලී. ඔවුහු ගිනි ජාලාව මතට යටලී දෙකක් දැමුවෝය. “මාව පිච්චෙනවෝ බේරගනියෝ” විලාපයක් ගිනි දැල් තුළින් ඇසිණි. ඒ පැහැර රීප්ප ගොඩ එසවෙන්නට තැත් කරනු ගිනි ජාලාව තුළින් පෙනුණි. සුමනසිරි හයේ හතරේ ලොකු බාල්කයක් ඇදගෙන පැමිණ එසවෙන්නට යත්න දරන ලී ගොඩ උඩට දැමුවේය.

“දැන් හරි ආයෙ එයා නැඟිටින්නෑ. මොකද උඹ බයවෙලා වගේ, බයවෙන්න එපා දැන් ඔක්කොම ඉවර වෙනවා. තව භූමිතෙල් තියෙනවද කල්‍යාණි? ඇය කුස්සියෙන් භූමිතෙල් බෝතලය ගෙනැවිත් සුමනසිරි අත තැබීය. ඔහු ඉතිරි දැව මතටද භූමිතෙල් දමා ගිනි තැබීය. “දැන් තව විනාඩි දහයකින් ඔක්කොම ඇවිළෙනවා. ඊට පස්සෙ උඹ කෑ ගගහා ඉස්සරහ  වත්තෙ අබිලිංගෙ ගෙදරට දුවපන්. රෑ උඹ ලැට් එකට ගිය වෙලාවෙ චිමිනියෙන් ගිනි ඇවිළිලා කියලා කියපන්, කෑ ගගහා අඬපන්. මම මේ පැත්තෙ එන්නෙ හෙට උදේ. රත්තරන් බඩු ටික මගෙ ළඟ තිබුණාවෙ. පොලිසියට පරිස්සමින් උත්තර දීපන්. මම යනවා. සුමනසිරි අඳුරට මුසුවී නොපෙනී ගියේය.

“පසුදා උදෑසන නිවෙසින් ඉතිරි වී තිබුණේ කළුවී දුම් ගැසුණු බිත්ති පමණි. අනෙකුත් බොහෝ දෑ දැවී ගොස් තිබිණි. ගින්න මෙතරම් සැරවීමට හේතුව වූයේ නව නිවෙසේ වහලය සඳහා ගොඩගසා තිබූ යටලී රීප්ප නිසා බව පැහැදිලිව පෙනුණි. උදෑසන දහයට පමණ හලාවත මූලික රෝහලට පැමිණි ජීප් රථයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ඒ.ඩී. ප්‍රේමරත්න මහතාත්, පොලිස් නිලධාරීහු පිරිසත් මානුවන්ගම සුදර්මන්ගේ නිවෙසට පැමිණියහ. පොලිස් පිරිස මෙහෙයවූයේ කීර්තිමත් රහස් පරීක්‍ෂක බුද්ධි අංශයේ චන්න විජේසූරිය මහතාය. කලින් පැමිණි පොලිස් නිලධාරීහු ගම් වැසියන් නිවෙසට ඇතුළුවිම වළකා තිබිණි.

“අපි වැඩ පටන් ගන්ඩ ඉස්සර වෙලා මියගිය තැනැත්තාගේ භාර්යාව එක්ක ටිකක් කතා කරලා ඉමු. Dr. ප්‍රේමරත්න පැවැසීය. පැමිණ සිටි ග්‍රාමසේවක නිලධාරි මහතා කල්‍යාණිව ඉදිරියට පැමිණවීය. හැ¾ඩීම නිසා ඇගේ මුහුණ ඉදිමී තිබිණි.

“මොකද වුණේ?

“මේ නැතිවෙලා ඉන්නෙ මගෙ මහත්තයා. අපි බැඳලා අවුරුදු අටක් වෙනවා. දරුවොත් දෙන්නෙක් ඉන්නවා.”

“කෝ දරුවෝ”

“ඒ අය අපි ගේ හදන්ඩ පටන් ගත්තට පස්සෙ අම්මලා ගාව ඉඳලා ඉස්කෝලෙ යන්නෙ. තව වහලෙ  ගහන්ඩ විතරයි තිබුණෙ. වෙච්ච විපතක හැටි. කල්‍යාණි යළිත් හඬා වැටෙන්නට පටන් ගත්තාය.

“ඊයෙ රෑ තමාගේ ස්වාමියා සමඟ නිදාගත්තෙ මේ ගෙදරද?”

“ඔව්. මේ ගෙදර එක කාමරයයි සාලයයි දැල් ගහපු ඔය පේන කුස්සි කෑල්ලයි විතරයි තියෙන්නේ. අපි නිදාගත්තෙ කාමරේ.”

“නින්දට යනකොට කීයට ඇද්ද?

“සුදර්මන් හවස එනකොට කොත්තු රොටි එකක් ගෙනත් තිබුණා. ඒක බෙදාගෙන කාල අපි නිදාගත්තා. මට රෑ බඩේ කැක්කුමක් හැදිල ඇහැරුණා. එතකොටත් සුදර්මන් නිදි. මම එයාට ඇහැරෙව්වෙ නෑ. චිමිනි ලාම්පුව ඇඳ යට තිබුණා. මම දැල්ලත් ටිකක් වැඩි කරලා ටෝච් එකත් අරගෙන එළියට ආවා.

“ඒ වෙලේ සැක කටයුතු මොකුත් තමුන්ට දැනුණද?”

“මොකුත් නෑ මහත්තයා. මම එළියට ගිහින් විනාඩි දහයක් විතර හිටිය. මම එනකොට මෙතැන එකම ගිනි ජාලාවයි. මම අබිලිං අයියගෙ ගෙදරට දුවල කෑ ගහලා කිව්වා. ගමේ මිනිස්සු හුඟක් ඇවිත් වතුර ගහල නිවන්න හැදුවා. මොන නිවිල්ලක්ද දර සෑය ඇවිළෙන්නාහේ ඇවිළුණා.

“හොඳයි ආයෙ ඕනෑ වුණොත් කතා කරන්නම්.”

චන්න විජේසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ ඉතා ක්‍රමානුකූලව පරීක්‍ෂණය පටන් ගැනුණි. පළමුව කාමරයේ කඩා වැටී තිබූ වහලයේ සුන්බුන් ඉවත් කෙරිණි. දෙවැනුව දැව කොටස් සහ අළු ඉවත් කර සුදර්මන්ගේ සිරුර පාදා ගැනුණි. එය වූයේ ඇඳ මත නොවෙයි. ඔහු බිමට පෙරැළී තිබිණි. සිරුර මතුපිට පෙදෙස් අඟුරු සේ පිලිස්සී තිබුණු මුත් පොළොවට හේත්තු වී තිබූ යට පෙදෙස් පිලිස්සී නොතිබිණි. සුදර්මන්ට යටවී තිබී විදුලි පන්දම හමුවිය.

“චන්න සර් පිටිපස්සෙ ලැට් එක ගාව ලේ පැල්ලමක් තියෙනවා. කැටිවෙලා එතැන ඉඳන් ලේ බින්දු ගේ පැත්තට වැටිලත් තියෙනවා.

“පොඩ්ඩක් ඉන්න මම එනවා”

චන්න බිම වාඩි වී ලේ පැල්ලම ඉතා සියුම් ලෙස පරීක්‍ෂා කළේය. අනතුරුව ඔහු වැසිකිළිය තුළට නෙත් හෙළීය. “වතුර බාල්දියක් ගෙනත් තියෙනවා. ඒ වුණාට ඒක පාවිච්චි කරල නැහැ. ලේ බින්දු වැටිල තියෙන්නෙත් ගේ පැත්තට. “Dr. ප්‍රේමරත්න ඔයාට වැඩ හිටී වගේ. මෙතැන පවුල් ප්ලේ එකක ලකුණු තියෙනව”

“මේ බලන්න චන්න මේවා පිලිස්සුණු අල්මාරියක යතුරු තහඩු. තවම මේකේ යතුරු මේකෙ කටේ. මේ එකක් ඇරලා තියෙන්නේ. අනික් තහඩුව වහල.

“මොකක්ද එන්ට පුළුවන් නිගමනය”

“රත්තරන් බඩු අරගෙන තියෙනව” චන්න පැවැසීය. යතුරු කා ළඟද දන්නෑ තිබුණේ. මම ඒ නිගමනයට ආවෙ එක පැත්තක් විතරක් ඇරලා තියෙන නිසා. රත්තරන් බඩු අල්මාරියෙ තියෙන්නේ එක පැත්තක. දෙපැත්තෙ තියන් නැහැ. ඔය ඇරලා තියෙන්නේ ඒ පැත්ත වෙන්න ඕනෑ. එතකොට ලේ ගලාගෙන ගිහින් තිබුණෙ කාගෙන්ද? ඒ කල්‍සැමියා මරා දැමූ තැන බිරියත් සමඟ සිටි ශක්තිමත් වමත්කරු කවුද?යාණිගේ ලේ නෙවෙයි. එහෙම නම් සුදර්මන්ට එළියෙදි පහරදී ඇඳට ගෙනවිත් දැම්මාද? ඔව්. එයත් විය හැකියි. චන්න සිතිවිලි සයුරක පැටලිණි.

හරියට හවස 4.00ට හලාවත රෝහලෙහි අධිකරණ වෛද්‍ය කාමරයෙහි චන්න විජේසූරිය මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීහු Dr. පී.ඒ.ඩී. ප්‍රේමරත්න මුණගැසිණි.

“It is a case of murder” (ඒක මිනීමැරුමක්)

පිලිස්සී තිබුණු එලාම් ඔරලෝසුවේ කටු රෑ එක හමාරට නැවතී තිබුණු නිසා ගින්න ඒ වෙලවට ඇතිවුණු බව සිතන්නට පුළුවනි. එළියේ සිට ලේ බින්දු ගෙතුළට වැටී තිබුණු නිසාත් මිනිය ඇඳ මත නොතිබූ හෙයිනුත් පිලිස්සෙද්දී ඔහු අඩ සිහියෙන් සිටි බව නිගමනය කළ හැකියි. ඊට පෙර ඔහුට බරැති පොල්ලකින් පහරදී තිබෙනවා. මේ පහරදීම කර ඇත්තේ ආසන්න සමාන උස ඇති තැනැත්තෙක්.

පොලු පහර හිසේ වැදී ඇත්තේ බොහෝදුරට තිරස්වයි. පිටුපස සිට ගැසූ පහර මුහුණේ වම් පැත්තෙ කනට ඉහළින් වැදී තිබෙනවා. මේ අනුව පහරදුන් පුද්ගලයා වමත්කරුවෙක් විය යුතුයි. ඒහාම සුදර්මන් හැරී බලද්දී තවත් පහරක් කටට වැදී තිබෙනවා. දත් කිහිපයක් මේ දෙවැනි පහරට කැඩී ගොස් තිබෙනවා. මේ අනුව පොලිසිය සෙවිය යුත්තේ අඩි පහකුත් අඟල් අටක් පමණ උසැති ශක්තිමත් අයෙක්. වමත්කරුවෙක්.

“ඒ කියන්නෙ මිනීමරුවා කල්‍යාණි නොවෙයි. නමුත් ඇය ඊට හවුල් වූවා විය යුතුයි. මම එහෙම කියන්නේ විදුලිපන්දම තිබුණේ සුදර්මන් යට. ඒ සඳහා විදුලි පන්දම ඇඳ ළඟ බිම තිබිය යුතුයි. ඒ කියන්නේ කල්‍යාණි ටෝච් එක අරගෙන එතැනට එනකොට ගින්දර තිබිලා නැහැ. ඇය ඇඳ ළඟ බිම තැබූ ටෝච් එක උඩට සුදර්මන් වැටී තියෙනවා. මේ නිසා ටෝච් එක පිච්චුණේ නැහැ. මෙතැන ශක්තිමත් තව මිනිහෙක් ඉඳල තියෙනවා. මිනිහෙක් මේ වගේ දෙයකට නිකම් සම්බන්ධ වෙන්නෙ නැහැ.

වමත්කරුවා කල්‍යාණිගේ රහසිගත පෙම්වතා විය හැකියි.

“හොඳයි Dr. ප්‍රේමරත්න අපිට ඉතිරි ටික  කරගන්න පුළුවනි. එහෙනම් අපි ගිහින් එන්නම්.” චන්න විජේසූරිය ඇතුළු පිරිස එළියට බැස්සෝය.

වෛද්‍ය බන්දුල සිරිවර්ධන