මිය ගිය අය කතා කරනවා ඇහෙනවාද අද්භූත ඡායාවන් පෙනෙනවාද?

0
448

අපි අෑව සෙව්වන්දි නමින් හ¾දුන්වමු. සෙව්වන්දි විසි දෙහැවිරිදි තරුණියකි. ඇගේ පියා වික්‍රමය. ඇගේ පුංචි කුමාරිය. පුංචි විශ්‍රාමික සුවයෙන් කල් ගත කරයි. සෙව්වන්දි දැනට වසර දෙකකට පමණ පෙර සිට දැඩි හිසෙහි කැක්කුමකින් පෙළුණාය. ඇය නිතරම කෑගසමින් පැවැසුවේ තමාට නිවෙස තුළ යම්කිසි ඡායාවන් පෙනෙන බවයි.

නින්දේදී කවරකු හෝ ඇයව සිර කරන බවයි. තවත් විටෙක ඇය තදබල බඩෙහි කැක්කුමකින්ද පෙළුණාය. මේ අතර සෙව්වන්දිගෙ පමණක් නොව ඇගේ නැන්දාගේද කකුල හිටි හැටියේම අඩපණ වන්නට විය. අවසානයේ පියාත් නැන්දාත් සෙව්වන්දිත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයක් වෙත ගියේය. එහි සිටි උපදේශකවරයා දුටු විගස සෙව්වන්දි මහ හයියෙන් හැ¾ඩීමට පටන් ගත්තාය.

සෙව්වන්දිගෙ හැ¾ඩීමෙහි කෙළවරක් නොමැති නිසා උපදේශකවරයා පැවැසුවේ දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එම ස්ථානයට පැමිණෙන ලෙසයි. ඔවුන් තිදෙනා බෝධි පූජා පවත්වා නැවත එම ස්ථානයට ගිය විට උපදේශකවරයා පැවැසුවේ සෙව්වන්දිගේ මියගිය මෑණියන් නිවෙසෙහි සිටින බවයි. එය අසා බියට පත්වුණු ඔවුන් තිදෙනා හැකි ඉක්මනින් තම නිවෙසට ආරක්ෂාවක් කළ යුතු යැයි සිතා කට්ට¾ඩියෙක් ගෙන්වා දැඩි වියදමක් දරා මියගිය මෑණියන් නිවෙසින් පලවා හරින ලෙස කට්ට¾ඩි රාලට පැවැසුවේය.

ඔහු නිවෙස ආරක්ෂා කරන මොහොතෙහි නිවෙස තුළින් සහ නිවෙසින් පිටත පරිසරයෙන් විවිධ ශබ්ද සෙව්වන්දිට ඇසෙන්නට විය. පැය කිහිපයකින් පසු තම රාජකාරිය නිම කර තම ගතමනාවද රැගෙන කට්ට¾ඩියා යන්නට ගියේය. එහෙත් සති දෙකක් පමණ ගෙවී යන කල නැවත සෙව්වන්දි පැරැණි තත්ත්වයටම පත්විය. නැවත හඬන්නට කෑගසන්නට විය. අවසානයේ නැන්දා සහ පියා එක්ව සෙව්වන්දිව මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය අතර එහිදී ඇය භින්නෝන්මාදයෙන් පෙළෙන බව වෛද්‍යවරයා පැවැසුවේය. ඒ සඳහා ප්‍රතිකාර ගෙන පසු සතියේ තම මෑණියන් වෙනුවෙන් පින්පෙත් පමුණුවා සාංඝික දානයක් පිරිනැමීමටද ඔවුන් අමතක කළේ නැත.

යම් කෙනකු මරණයට පත් වූ පසු එම පුද්ගලයා නිවෙසකට අරක්ගෙන සිටිනවාය. එම පුද්ගලයා එළවීම සඳහා යම් යම් හදි හූනියම්, මන්තර, ගුරුකම්  කරනවාය යන මතය වර්තමාන සමාජයේ තදින්ම මුල්බැසගෙන ඇති කාරණාවකි. එහෙත් බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය අනුව සකස් වුණු සිංහල ක්‍රමයට මෙවැනි අදහසක් පැමිණියේ කෙසේද යන වග එකවර අපට සිතාගන්නට අපහසුය. ඇතැම්විට මිහි¾දු මහරහතන් වහන්සේ ලංකාවට වැඩීමට පෙර ලංකාවෙහි  තිබුණු මළවුන් ඇදහීමේ සංකල්පය මෙයට බලපෑවාද යන කරුණ මෙයට හේතු වූවාදැයි සිතීමට අපට සිදු වේ. එයට හේතුව වන්නේ සමාජයේ මුල් බැසගෙන තිබෙන මෙම මිථ්‍යාවන්ගේ අග මුල බොහෝදෙනකු නොදන්නා නිසාය.

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී  සද්ධර්මය තුළ යම් කෙනකු මියගිය පසු එම පුද්ගලයා තමා ජීවත් වූ  නිවෙසෙහි පදිංචි වී සිටිනවාය යන මතයක් කිසි තැනක සඳහන් කර නොමැත. උන්වහන්සේ දේශනා කර ඇත්තේ යම් කෙනකු මරණයට පත් වූ පසු අනිවාර්යයෙන්ම වෙනත් ආත්මයක උත්පත්තිය ලබන බවයි. එම උත්පත්තිය ලබන ස්ථාන බුදු දහමෙහි දක්වා ඇත්තේ තල යනුවෙනි. නැතිනම් ලෝක යනුවෙනි. එවැනි ලෝක තිස් එකක් තිබෙන බවත් එම ලෝක තිස් එකෙන් එක් ලෝකයක යම් කෙනෙක් මියගිය පසු අනිවාර්යයෙන්ම උපත ලැබිය යුතු බවත් බුදු දහමෙහි දක්වා ඇත.

එම ලෝක තිස් එක බුදු දහමේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන්කොට දක්වා ඇති අතර එනම්,

කාම ලෝකය

රූප ලෝක

අරූප ලෝක වේ.

මෙහිදී යම් සත්ත්වයකු මියගොස් උපත ලබන කාම ලෝක එකොළහක් තිබෙන බව බුදුදහමෙහි දක්වා ඇත. ඉන් එකක් වන්නේ මනුෂ්‍ය ලෝකයයි. ඉන් හතරක් වන්නේ සතර අපායයි. සතර අපාය ලෙස,

අසුර ලෝකය

ප්‍රේත ලෝකය

තිරිසන් ලෝකය

නිරය

වේ. ඉතිරි හය දිව්‍ය ලෝක හය ලෙස දක්වා ඇත. එනම්,

චාතුර්මහාරාජිකය දිව්‍ය ලෝකය

යාමය දිව්‍ය ලෝකය

තුසිතය දිව්‍ය ලෝකය

තාවතිංසය දිව්‍ය ලෝකය

නිර්මාණරතිය දිව්‍ය ලෝකය

පරනිර්මිත වසවර්තිය දිව්‍ය ලෝකය

නම් වේ. එසේම රූප ලෝක දහසයක් පිළිබඳව බුදු දහමේ පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳව දම්සක්පැවතුම් සූත්‍රයේද සඳහන් කර ඇත. මේවා රූප ලෝක යැයි බොහෝ දෙනකු නම් කළත් මෙහි නිවැරැදි අර්ථය වන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක යන්නයි. එනම්,

බ්‍රහ්ම පාරිසද්‍ය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, පරිත්තාභය, අප්පමානාභය, ආභස්සරය, පරිත්තසුභය, අප්පමාන, සුභකිණ්හක, වෙහප්ඵලය, අසංඥ තලය, අවීහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය)

ලෙස පෙන්වා දිය හැකිය. මේවා හ¾දුන්වන්නේ බ්‍රහ්ම ලෝක යනුවෙනි. මෙම ලෝකවල උත්පත්තිය ලැබීම තරමක් අපහසුය. යම් කෙනකුට මෙම බ්‍රහ්ම ලෝකවල උපත ලැබීමට නම් මානසික සහ ආධ්‍යාත්මික දියුණුවක් තිබිය යුතුය. එහෙත් පින්කම් කරමින් මෙම ලෝකවල ඉපදීමට තරම් මිනිසුන් කොට්ඨාසයක් අප රටෙහි නැත. ඒ බව වර්තමාන සමාජය දකින විට මනාවට ඔප්පු වේ.

යම් කෙනකු තම ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනංවා ගත යුත්තේ ගුණධර්ම පූරණය කිරීම මඟිනි. එහෙත් ගුණධර්ම පූරණය කිරීම කෙසේ වෙතත් පංචශීලය අනුගමනය කරන පුද්ගලයකු අද සමාජයෙන් සොයා ගන්නවා යනු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගන්නවා වැනි දුෂ්කර කාර්යයකි. අනෙක් කොටස වන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයයි. එනම්,

අකාසනඤ්චායතනය

විඤ්ඤාංචායතනය

ආකිංචංඤායතනය

නේවසඤ්ඤානාසඤ්ඤායතනය වේ.

ලෝවැඩ සඟරාවේ ‘සිත මිස කය නැති බඹලොව සතරකි‘ යන්න පෙන්වා දී ඇත්තේ මෙම අරූපාවචර බ්‍රහ්ම ලෝක  සතරයි. යම් කෙනකු මරණයට පත්වුණු පසුව එම පුද්ගලයා තම ජීවිත කාලයේදීම කළ පින් පව් අනුව මෙම ලෝකයන්ගෙන් එක් ලෝකයක අනිවර්යයෙන්ම උත්පත්තිය ලැබිය යුතුය.

ඛුද්ධක නිකායේ ඛුද්ධක පාඨ හා ප්‍රේතවත්තු යන ග්‍රන්ථවල 6 සහ 7 යන කොටස්හි එන තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් මේ පිළිබඳව පැහැදිලිව පෙන්වා දී ඇත.  බුදුපියාණන් වහන්සේට ප්‍රථමයෙන්ම පූජා කළ විහාරය වන වේළුවනාරාමය මෙම තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කිරීමට හේතු වී ඇත. එම විහාරය ඉදිකර පූජා කරන ලද්දේ බිම්බිසාර මහ රජතුමා විසිනි. එම විහාරස්ථානය පූජා කළ දින රාත්‍රියේ මහ හ¾ඩින් වැලපෙන පිරිසකගේ හඬක් සිහිනෙන් රජතුමාට ඇසිණි. රජතුමා බියට පත්ව පසුවදා උදෑසනම බුදුරජාණන් වහන්සේ හමුවීමට වේළුවනාරාමයට ගොස් සිහිනය පිළිබඳ සැලකර සිටියහ.

බුදුපියාණන් වහන්සේ එම සිහිනයෙහි හඬ ගැන තතු විමසා බුදු නුවණින් බලා වදාරා, ඒ පිරිස රජතුමාගේ පෙර ඥාති පිරිසක් බවත් පෙර භවයක දන් සොරා කෑ පවින් ප්‍රේත ආත්මයක ඉපිද දුක් විඳින බවත් වදාළහ. ඒ ප්‍රේත සමූහයා එම පවින් මුදාලීමට නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සිවුරු පිරිකර සහිතව සාංඝිකව මහ දානයක් පිරිනමා පින් අනුමෝදන් කළ යුතු බවත් වදාළහ. එම දේශනාව අනුව රජතුමා දන් දී පින් අනුමෝදන් කළ පසු ඒ ප්‍රේත සමූහයා එම භාවයෙන් නිදහස් වී සැපතට පත් වූ බව ශාසන ඉතිහාසය සඳහන් කරයි.

යම් මියගිය ඥාතියකු පින් අනුමෝදන් කර ගැනීමට නිවෙසට පැමිණෙනවා මිසක එම ඥාතියා නිවෙසෙහි පදිංචියට නොඑන බව තිරෝකුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිවම දක්වා ඇත. ඉහත සඳහන් කළ ලෝක තිස් එකෙහි උත්පත්තිය නොලැබුවහොත් පමණක් ඥාතියා නිවෙසට පැමිණ පින් ඉල්ලනු ලබයි. තිරෝකුඩ්ඩ සූත්‍රයේ  පැහැදිලිව පෙන්වා දී ඇත්තේ මියගිය ඥාතියකු නිවෙසට පැමිණ පින් ලබාගෙන නිවෙසෙහි ජීවත්ව සිටින අයටත් පින් දී නැවත යනවා මිසක නිවෙසෙහි පදිංචි නොවන බවයි. ඒ පිළිබඳව ඔබ නිවැරැදිව වටහා ගත යුතුය. අනිවාර්යයෙන්ම යම් පුද්ගලයකු යහපත් ක්‍රියාවන් කළහොත් දිව්‍ය ලෝකයෙහි උපදින බවත් අයහපත් ක්‍රියාවන් කළහොත් අපායෙහි උපදින බවත් බුද්ධ ධර්මයෙහි පැහැදිලිව දක්වා ඇත. මිනිසකු තම ජීවිත කාලය තුළම කුසල හෝ අකුසල ක්‍රියා කරන අතර ඒ අනුව තමා උත්පත්තිය ලබන ආත්මය තීරණය වේ.

මියගිය ඥාතියකු නිවෙසෙහි වාසය කරනවා යන මතය බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී  සද්ධර්මයට සම්පූර්ණයෙන් පටහැනි කාරණාවකි. මියගිය කෙනකු නිවෙසෙහි වාසය කිරීම, මියගිය කෙනකු නිවෙසින් එළවීම, කුල්ලක් ගෙන හරස් කිරීම, කොස් අතු කඩාගෙන යෑම සමාජ වාසිය උදෙසා ගොඩනඟා ගෙන තිබෙන මිථ්‍යාවන්ය. සමාජයේ මිනිසුන් තදින් විශ්වාස කරන මිථ්‍යාවන් මිනිසුන්ගේ බොරුවලින්ම වැසී ඇත. මෙම කරුණු මිථ්‍යාවන් යැයි පවසන අයට විරුද්ධ වීමට නොහැකි තරම් මෙම මත ප්‍රබල වී ඇත. බුදුන් වහන්සේගේ ධර්මය යනු නිර්මල, ආස්වාදජනක, ප්‍රායෝගික දහමකි. එහි මියගිය ඥාතීන් නිවෙසට පැමිණෙනවා යන මතය කිසි තැනක සඳහන් කර නැත.

නමුත් මිය ගිය ඥාතීන් තිරිසන් ආත්මයක උපත ලැබ නැවත තමා පෙර ආත්මයේ ජීවත් වුණු නිවෙසට පැමිණ තිබෙන උදාහරණ බුදු දහමේ බොහෝ තරම් ඇත. නමුත් එයින් පැහැදිලි වන්නේ ඥාතියකු මියගොස් නැවත ආත්මයක උපත ලබා නිවෙසට පැමිණි බව මිස වෙනත් ආත්මයකට ගමන් නොකර නිවෙසෙහි රැඳී සිටින බව නොවේ. එයට හොඳම උදාහරණය වන්නේ ස්වර්ණහංස ජාතකයයි. ආනන්ද සිටුතුමාගේ කතාවද මෙයට හොඳම උදාහරණයකි.

මියගිය කෙනකු නිවෙසක අරක්ගෙන සිටිනවා, හොල්මන් කරනවා යන කතා  සහ මළවුන් ඇදහීම යන කතා සමාජයේ පුද්ගලයන් නිර්මාණය කරගත් කිසිදු හරයක් නොමැති කටකතාය. බුදු දහමෙහි පැහැදිලිව දක්වා ඇත්තේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා යන කාරණය පමණකි. එම කාරණය අපි වෙනත් ලිපියකින් ඉදිරි සතියක සාකච්ඡා කරමු.

අතීතයේ මිනිසුන්ට තිබුණු මානසික ව්‍යාකූලතා දුරු  කිරීම සඳහා පැරැණි ආගමික පුද පිළිවෙත් නිර්මාණය වී ඇති බව පැරැණි පොත්පත් හොඳම සාක්ෂි සපයයි. එහිදී තොවිල් නැටීම, මහ සොහොන් සමයම, සොකරි නාට්‍යය යන සාම්ප්‍රදායන් ප්‍රධාන තැනක් ගනු ලැබේ. එම සංස්කෘතික අංගවල ඇතුළත් එක් ලක්ෂණයක් වන්නේ කොස් අතු කඩාගෙන යෑමයි. යම් කෙනකුගේ සිතෙහි තිබෙන මානසික පීඩනය අවම කිරීම සඳහා, ඔවුන්ගේ විනෝදාස්වාදය උදෙසා මෙම සංස්කෘතික අංග තුළට ඇතැම් දේවල් ඇතුළු වී ඇති අතර අපට අපගේ සම්ප්‍රදායික විශේෂාංග ප්‍රතික්ෂේප කළ නොහැකිය.

එහෙත් අනවශ්‍ය ලෙස මුදල් කඩාගන්නා හොර කට්‍ට¾ඩියන් මෙම සංස්කෘතික අංග ඉදිරියට දමා කොස් අතු කඩාගෙන ගියේ නිවෙසෙහි මියගිය අයකු යැයි පවසයි. පසුව නිවැසියන්ට එයින් ඇතිවන බය නිසාම තිබෙන මුදල් වියදම් කර මියගිය අය බෝතලයකට දැමිය යුතුයි, ඉඩමේ වළ දැමිය යුතුයි, පුද පූජා පැවැත්විය යුතු යැයි සිතා කට්ට¾ඩියන් හට නිස්කාරණේ මුදල් වියදම් කරයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එවැනි මිථ්‍යා විශ්වාස කරන පුද්ගලයන් උපාසකයන් නොව, උපාසක චණ්ඩාලයන් ලෙස හැඳින්විය යුතු බවයි. මිනිසාට තිබෙන්නේ සංසාර ගමනක්ය. එම නිසා මිනිසා මියගිය පසු ඊළඟ ආත්මයට යනවා මිසක එම ආත්මයේම එල්ලී සිටීමට මනුෂ්‍යයකුට හැකි වන්නේ නැත. එසේ එල්ලී සිටිය හැකි නම් මිය යන සියලු මිනිසුන් මිය යන නිවෙස්වල පිරී ඉතිරී සිටිය යුතුය. ඇතැම් පිරිස් මියගිය අය මළ ප්‍රේත ආත්මවල ඉපදී සිටින බව පවසති.

නමුත් මළ ප්‍රේත ආත්ම යනුවෙන් ආත්ම කොට්ඨාසයක් නැත. මළ ප්‍රේතයන් ආවේශ වුණා යැයි පවසන කතාවල කිසිදු සත්‍යයක්ද නොමැත.    අපගේ පැරැණි සමාජයේ යකැදුරු මහතා යනු ඉතා ප්‍රසිද්ධ පුද්ගලයකි. ඔහුට සමාජය ගරු කරනු ලැබුවේ ඔහු සතු දැනුම, අවබෝධය සහ ආගම දහම කෙරෙහි තිබුණු දැනුවත්කම නිසාය. ඔහු කිසිවිටෙකත් මුදල් මත වැඩ කළ පුද්ගලයකු නොවේ.

නමුත් අද ඇතැම් වෙලාවට ධර්මය පිළිබඳ කිසිදු දැනුවත්කමක් නොමැති අය මෙවැනි ක්‍රියාවලට පෙලඹෙයි. එයට ප්‍රධාන හේතුව වන්නේ සමාජයේ මිනිසුන්ගේ මනසෙහි ඇඳී තිබෙන විශ්වාසයයි. එහෙත් සෑම විශ්වාසයක්ම සත්‍යයක් නොවේ. එම විශ්වාස ලෝකවලම ගිල්වී සිටින ඇතැම් අය සිතන්නේ මේ පුද්ගලයා මට කොඩිවින කර තිබෙනවා, මියගිය මගේ මේ ඥාතියා මට බන්ධනය කර තිබෙනවා, හූනියමක් කර තිබෙනවා යනුවෙනුයි. නමුත් මෙවැනි දේවල් කිසිවිටෙකත් කිසිවකුට කිරීමට හැකියාවක් නැත.

එසේම ගුප්ත ශාස්ත්‍ර සැඟවී තිබෙන විට එහි වටිනාකමක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ගුප්ත ශාස්ත්‍රය හෙළිවුණු විට එහි වටිනාකමක් නොමැති බවත් යක්ෂයන්, ප්‍රේතයන්, මියගිය ඥාතීන් විශ්වාස කිරීම මානව පෞරුෂයෙහි තිබෙන දුර්වලකමක් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඇතැම් අය තමා නිවෙසෙහි උයාගත් බත් මුට්‍ටියට කවුරුන් හෝ වැලි දමා ඇත යනුවෙන් පවසයි. තවත් ඇතැමෙක් බත් පත භූමිතෙල් සුවඳයි යනුවෙන් පවසයි. නමුත් මෙවැනි ක්‍රියා සිදු කරන්නේ මියගිය ඥාතියකු නොව මනස සචේතනිකව තබාගෙන නොමැති පුද්ගලයන්ය. මානසිකව දැඩි පීඩනයකට ලක් වී සිටින පුද්ගලයකු ඔහුටත් නොදැනීම මෙවැනි ක්‍රියා සිදු කිරීමට ඇති ඉඩකඩ වැඩිය. එය පෙරදිග රටවල මිනිසුන්ගේ තිබෙන දුර්වලතා ලෙස පෙන්වා දිය හැකිය.

එසේම නිවෙසෙහි මියගිය පුද්ගලයන්ගේ ඡායාවන් පෙනෙනවා, ඔහු ඇවිදිනවා පෙනෙනවා යනුවෙන් ඇතැම් අය පවසන අතර එය භින්නෝන්මාදය නම් රෝගයේ ලක්ෂණයන්ය. තම මියගිය මව, පියා කතා කරනවා ඇසෙනවා, ඔවුන් සිහිනෙන් නිතර පෙනෙනවා යනුවෙන් ඇතැමුන් පවසා මියගිය ඥාතීන් එළවීම සඳහා කට්ට¾ඩියන් හට ලක්ෂ ගණන් මුදල් වියදම් කරති. එහෙත් මෙසේ යම් කෙනකු කතා කරනවා ඇසීම භින්නෝන්මාදය නැතිනම් සිසෝෆේනියා නම් රෝගයේ ලක්ෂණයි.

දෛනික ජීවිතයේ කටයුතු කිරීමට අපහසු ප්‍රධාන මානසික රෝගයක් වශයෙන් භින්නෝන්මාදය රෝගය හැඳින්වීමට පුළුවන්. භින්නෝන්මාදය යනු දැනට ලෝකයේ පවතින ප්‍රධානම මානසික රෝගවලින් එකකි. විකෘති ලක්ෂණ රාශියක් දැකගත හැකි මානසික රෝගයක් ලෙස භින්නෝන්මාදය අපට හැඳින්විය හැකි අතර බි¾දුණු සිත, බි¾දුණු පෞරුෂය යන අර්ථකථනයෙන් ඇතැමුන් මෙම රෝගය හ¾දුන්වනු ලැබේ.

මෙම උග්‍ර මානසික රෝගී තත්ත්වය ප්‍රවේණිගතව ඇති විය හැකිය. රෝගය ඇති වීමට ජානමය හේතු බලපෑවද හොඳ පරිසරයක ජීවත් වීමෙන් රෝගය මතුවීම අවම කර ගත හැකිය. වයස අවුරුදු 15-35ත් අතර ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයම භින්නෝන්මාදයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් තිබේ. මෙහි තිබෙන රෝග ලක්ෂණ බොහෝවිට මිය ගිය කෙනකු කතා කරනවා ඇසීම, පෙනීම වැනි මිථ්‍යාවන්වලට සමානය.

භින්නෝන්මාදයේ තිබෙන ලක්ෂණ ලෙස,

විකෘති සිතුවිලි ඇතිවීම

තනිවම සිටීමට වැඩි කැමැත්තක් දැක්වීම.

ආහාරවලට වස දමා ඇතැයි සිතීම, ඉර – හඳ වැනි ග්‍රහ වස්තු තමා පාලනය කරනවා යැයි සිතීම, තමන්ගේ ශරීරයේ කොටසක් නරක් වී ඇතැයි සිතීම, තමා සැමවිටම ප්‍රබලයකු යැයි සිතීම.

තමා දෙස බලා යමකු අන් අය සමඟ කතා කළේ නම් ඒ අය එකතු වී තමාට බනිනවා යැයි සිතීම.

අස්වාභාවික ලෙස බාහිර පාර්ශ්වයන් ගැන සැක කිරීමට පටන් ගැනීම.

වැනි කරුණු පෙන්වාදිය හැකිය. මෙම කරුණු තුළින් ගම්‍ය වන්නේ මිය ගිය කෙනකු නිවෙසෙහි ජීවත් වීම, ඔහු සිහිනෙන් දැකීම, කතා කරනවා යැයි ඇසීම වැනි මිථ්‍යා මත භින්නෝන්මාදය වැනි රෝගවල ලක්ෂණ බවයි.

මෙම රෝගයට ගොදුරු වන්නන්ගෙන් බහුතරයක් මැදි වයස පසුකරන කාන්තාවන්ය. ඔවුන් තුළ ස්වභාවයෙන්ම ඇත්තේ දුර්වල පෞරුෂයක්ය. අන් අයගේ අදහස් මත යැපීම කැපී පෙනෙන ලක්ෂණයකි. මීට අමතරව ඔවුන් දිගින් දිගටම ශාරීරික හා මානසික පීඩාවන්ට ලක්වූ අයකු විය හැකිය. මවුපියන්ගේ  අඬදබර හේතුවෙන් මානසික පීඩාවට ලක්වන තරුණ දරුවන්ටද මෙම රෝග වැලඳිය හැකි සම්භාවිතාව වැඩිය.

බුදු දහමට අනුව සහ වෛද්‍ය විද්‍යාවට අනුව මෙම මිථ්‍යාවන් අසත්‍ය යැයි දෑස්වලට පෙනි පෙනී තිබියදී ඇතැම් නූගත් පිරිස් කට්ට¾ඩියන් පිටුපස, දේවාල පිටුපස  ගොස් පිහිට පතන්නේ ඇයි දැයි තවමත් සිතා ගත නොහැකිය. නිවැරැදි ලෙස තුනුරුවන් අවබෝධ කරගත් බෞද්ධයකු නම් නිවැරැදි ලෙස මිථ්‍යාව සහ විද්‍යාව අවබෝධ කරගත් පුද්ගලයකු නම් ඔබට ඔබ පිළිබඳ නිසැකවම සෑහීමකට පත්විය හැකිය. අ¾දුරින් වෙළාගෙන තිබෙන මිථ්‍යාවන් සමාජයෙහි පතුරනවා වෙනුවට ඒවා පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඒ පිළිබඳ නොදැනුවත් පුද්ගලයන් හට ලබාදිය යුතුය. එය යම් අයකුගේ මුදල් පසුම්බියටත් පහසු වෙනවා සේම මිථ්‍යාවන් පිළිබඳ නිවැරැදි අවබෝධයක්ද ලබාගැනීම මඟින් මනා සිහියකින් යුතුව වැඩ කටයුතු කර ගැනීමටද  පහසු වේ.

ජඹුරෙගොඩ ශ්‍රි නාගාරාම

පුරාණ විහාරාධිකාරි

ජේ‍යෂ්ඨ මහාචාර්ය දර්ශනශූරි

පාතේගම ඤාණිස්සර හිමි

සචිනි බස්නායක