මහ බැංකුවේ රහසක්

0
38

ශ්‍රී  ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කරන ගිවිසුම්වලට අදාළ තොරතුරු අතීතයේ සිටම රහසිගතව තබා ගෙන ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ‘මව්බිම’ට පැවැසීය.

සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම අස්සන් කළ පසු තොරතුරු හෙළි කිරීම බවද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා ප්‍රකාශ කළ අතර මීට පෙර මෙරට කිසිදු ආණ්ඩුවක් ගිවිසුම අස්සන් කිරීමට පෙර තොරතුරු හෙළි කර නැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වුවද අයි.එම්.එෆ්. (IMF)  ගිවිසුම්වලට ආදාළ තොරතුරු ගිවිසුම් අස්සන් කිරීමට පෙර හෙළි කිරීමට හැකියාවක් තිබෙන බවද ඩබ්ලිව්.ඒ. විජේවර්ධන වැඩිදුරටත් පැවැසීය.

චාමර අමරසූරිය