නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තිනී

0
18

දෙවියන් වහන්සේ විසින් මරියතුමියට භාරදෙන ලද කාර්යය (දූත මෙහෙවර) තුළ අප එතුමිය දෙස බලමු. කතෝලිකයන් ශුද්ධාත්මයාණන්ට හිමි තැන මරියතුමියට පවරන බව රෙපරමාදු අය කියති. ශුද්ධාත්මයාණන්ගේ තැනට අපි මුළුමනින්ම මරියතුමිය යොදා ඇති බව සමහරු කියති.  එයට පිළිතුරු වශයෙන් අප පළමුව ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ප්‍රමුඛතාව ස්ථිරව පිහිටුවා ගත යුතුය.

උන්වහන්සේ ශුද්ධවන්ත කරන ස්ප්‍රිතුව වෙති. ඉන්පසු අන් කිසිවකුට වඩා ශුද්ධවන්ත කරනු ලැබූ මරියතුමිය ගැන මෙනෙහි කළ යුතුය. දේව දූතයාට එතුමිය දුන් පිළිතුරෙන් අසමසම ගැඹුරත්වයකින් ශුද්ධාත්මයාණන් විසින් එතුමිය මෙහෙයවන ලද බව එතුමිය පෙන්වන්නීය. 

දෙවියන් වහන්සේගේ යෝජනාව භාර ගැනීමට එතුමිය තුළ වූ විශ්වාසයම සියලු විශ්වාසයේ උල්පත වන ශුද්ධාත්මයාණන් වහන්සේ එතුමිය කළ විශේෂ කාර්යයකි. එතුමිය තුළ නිදහස් හා ක්‍රියාකාරි සම්බන්ධ වීම ඇති කර වර්ධනය කළහ. ශුද්ධ වූ සභා ගෘහය තුළ ජේසුතුමන්ගේ හා අපගේ මාතාව වන මරියතුමියගේ කාර්යය කුමක්දැයි දැක්වීමට අපි වෑයම් කරමු. පවුලක සම්බන්ධතා බිඳ වැටෙන විට මව වටා නැවත එක්වීම ඇතිවීම ස්වාභාවික දෙයකි.

නැවත සභා එකමුතු වන පැය පිළිබඳව වඩා දැනුමක් මා හට නැති වුවත් මෙම පරම්පරාවේ කිතුනුවන් මෝසෙස් මෙන් පොරොන්දු දේශය දුර සිට දකින්නට පමණක් නියම කරනු ලැබූවන් විය හැකිය. කෙසේ හෝ මේ කාලයේ ඇතිවන ලකුණු නිවැරැදිව විග්‍රහ කළහොත් එම පැය ළංවන බව කිව හැකිය.

ශාස්ත්‍රධාරීන් බෙත්ලෙහෙම දක්වා ගිය තරුව දැන්ද අහසේ බැබළෙන්්. එකමුතු බව සොයන වන්දනාකරුවෝ මඟට බැස ඇත. ඉඳහිට තරුව අතුරුදන් වේ. එවිට සිතියම් රැගෙන තම ගමන් මඟ නිවැරැදිදැයි බැලිය යුතුව ඇත.

එහෙත් බෙත්ලෙහෙම නුදුරින් ඇති බවට ලකුණු ඇත. ශාස්ත්‍රධාරීන්ට මෙන් අප වන්දනාකරුවන්ටද පළමුව මෑණියන්ද ඊළඟට බිලි¼දා ද හමුවනු ඇත.

කාලයක් තුළ එකිනෙකාගෙන් වෙන්ව සිටි දරු පිරිස ගෙදරට එක්වීම මවකගේ පිළිගැනීමකින් තොරව සිදුවේදැයි සිතිය නොහැක්කකි. එතුමිය ‍ෙදාරකඩ ඔවුන් පිළිගෙන සමිඳුන් වෙත කැඳවාගෙන යනු ඇත.

මරියතුමියට මංගලම් කී මොහොතේදී ස්වර්ගය හා පොළොව අතර සන්ධිස්ථානය එතුමිය වූවාය. සීමා රහිතව අප වෙත එන දේව ආදරය ශුද්ධාත්මයාණෝ වන්නාහ.

අපගේ පැත්තෙන් දෙවියන් හමුවීමට එම ශුද්ධාත්මයාණන් විසින්ම ඔසවනු ලැබූ පවිත්‍ර ප්‍රේමය වන්නේ මැවිල්ලක් පමණක් වන මරියතුමිය එම අනේ‍යාන්‍ය (දෙවි මිනිස්) ප්‍රේමයේ මෘදු භාවයේ බැඳීම තුළ, එම ගිවිසුමේ හදවත තුළ අප ගැලවුම්කරු වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම අපට හමුවෙති.

මාංසගතවීමේ අබිරහසේ හදවත ගැනය අප සඳහන් කරනුයේ. මාතෘත්වය යනු බිහි කිරීම පමණක්ම නොවේ. දරුවාගේ පෞද්ගලික පැවැත්ම හා කැඳවීම ගැන වගකීම මුලින් පූර්ණවද ක්‍රමයෙන් විස්තර වශයෙන්ද මවක් භාරගනී. මරියතුමියගේ දරුවා ලෝක ගැලවුම්කරුවාණන්ය. එබැවින් ක්‍රිස්තුස් වහන්සේට ලෝකය තුළ, ඉතිහාසය තුළ විසීමට තම නිදහස් කැමැත්තෙන් එකඟවීම ලෝකය ගැලවීමේ කාර්යයට සහයෝගය දීමට එකඟවීමක් වේ.

මරියතුමිය ශුද්ධාත්මයාණන්ට විවෘත වීම මංගලම් කී මොහොතට පමණක් සීමා කළ නොහැකිය. ගැලවුම්කරුවාණන් වූ ක්‍රිස්තුස් වහන්සේ ඉතිහාසය තුළ ජේසුතුමා වන බැවින් මරියතුමිය ලෝ ගැලවුම්කරුවාණන්ගේ මව වන්නා සේම මාංසගත වූ දේව වචනයේ මවද වන්නීය.

ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලැබ මරියතුමිය දෙවියන් වහන්සේට “එසේම වේවා” යන වචනය තුළ අප ලබන සියලු වරම් අන්තර්ගත වී ඇත්තේ ඒ සියල්ල නිකුත්වන්නේ පුත්‍රයාණන්ගේ මනුෂ්‍යත්වය තුළින් නිසාය.

සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභය කෙරෙහි විශ්වාස කිරීම යනු ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය තුළ සියලු වරප්‍රසාදවල උල්පත ඇති බව විශ්වාස කිරීමය. අපගේ ගැලවීමේ ඉතිහාසය තුළ කිසියම් කාර්යයක් කළ අය සමඟ අපගේ නෑකමක් ඇති බව විශ්වාස කිරීමය. ඔවුන් ලබා ඇති මහිමයෙහිද එම නෑකම පවතින බව විශ්වාස කිරීමය. මෙම සමෝස ධර්ම ලාභයෙන් මරියතුමිය වෙන් කළ නොහැකිය. දේව වචනය ලබාගෙන (එම වාක්‍යාණන්ට) අප වැන්නෙක් වීමට සැලැස්සූ තැනැත්තිය සදහටම එතුමිය වන්නීය. එතුමන් හා අප සම්බන්ධ කරන පුරුක එතුමිය වන්නීය. තම ආත්මය හා ශරීරය තුළ ශුද්ධාත්මයාණන් හා සබැඳියාව පූර්ණ ලෙස ජීවත් වූ තැනැත්තිය මරියතුමිය වන්නීය.

එතුමිය ස්වාමින් වහන්සේව අපෙන් ආවරණය කරන තිරයක් නොවන්නීය. එතුමියට ආදරය වීම නිසා සමිඳුන්ට ආදරය වීම වළකී යන බිය ඇති වන්නේ එතුමිය කවරෙක්ද යන්න ගැන සාවද්‍ය තේරුම් ගැනීම නිසාය. ක්‍රිස්තු ආත්මයෙන් පිරී ඉතිරී යන අනර්ගතම ක්‍රිස්තියානිකරුවා මරියතුමියය. ශුද්ධාත්මයාණන් මරියතුමිය තුළින් ශේ‍රෂ්ඨතම කලා කෘතිය නිර්මාණය කළහ.

ශුද්ධ වූ මතෙව්තුමාගේ සුවිශේෂයට අනුව ස්වර්ගයෙන් පොළොව වෙත එවන ලද පළමු පණිවුඩය වූයේ මරියතුමිය භාරගැනීමේ අවශ්‍යතාව පිළිබඳවය.

ජෝශප් දාවිත්ගේ පුත්‍රය, ඔබගේ බිරිය ලෙස  මරියතුමී භාරගෙන ඔබගේ නිවෙසට කැඳවා ගැනීමට බිය නොවන්න. අෑ තුළ පිළිසිඳුණා වූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් මඟිනි”

එම මොහොතේ සිද්ධිය හැරෙන්නට මෙම පණිවුඩය හැම පරම්පරාවකම ක්‍රිස්තියානින් සඳහාය. මරියතුමියගේ මාතෘත්වය භාරගැනීම ශුද්ධාත්මයාණන් ඉදිරියේ අපගේ විවෘතවීම පිළිබඳව නොවරදින ලකුණකි. මාංස ගතවීමේ අබිරහස මුළුමනින්ම වැලඳනොගෙන, මරියතුමිය පිළිගැනීමට කිසිවකුට නොහැකිය.

දෙවියන් වහන්සේව (පෞද්ගලික සම්බන්ධයකින් තොරව) දුරස්ථව තබාගැනීමේ වෑයමකට එරෙහි වන ආරක්ෂා මාර්ගය එතුමියගේ පැවැත්ම වේ. ලෝකය තුළ හා සභාව තුළ මනුෂ්‍යත්වය පිළිබඳ සහතිකය මරියතුමිය වන්නීය.

මිනිසුන් අතර ශේ‍ර්ෂ්ඨතම මනුෂ්‍යයා වන දේව පුත්‍රයා වන ජේසුතුමා හැරුණු විට ලොව ජීවත් වූ එකම ශේ‍ර්ෂ්ඨතම මිනිස් මැවිල්ල මරියතුමිය වේ.

කානාහිදී එතුමියට මවක ලෙස “ඔවුන්ට මිදි යුෂ නොමැති බව දැනුණේ පහත් යැයි සලකන දෙයින් ආගමික දේ වෙන් කිරීමට ඇතැමුන් දරන ඊනියා භක්තියට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක් මෙහි වේ. උසස් ආගමික දේ අන් හැම දෙයින් වෙන් කිරීමට දරන වෑයමට පහරක් මෙහි වේ.

බොහෝ විට මිනිස්සු වුවමනාවෙන්ම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්නේ මරියතුමිය කෙරෙහි භක්තියට විරුද්ධ ප්‍රතික්‍රියාවක් ලෙසය.

ක්‍රිස්තුස් වහන්සේගේ පණිවුඩය මුල් කරගත් දහමේ කේන්ද්‍රය එතුමන් විය යුතු බවත් මරියතුමිය වෙත භක්තිය එයට තර්ජනයක් විය හැකි බවත් ඔවුහු කියති. ක්‍රිස්තියානි ජීවිතයේ හදවත ක්‍රිස්තුස් වහන්සේ තුළ විය යුතුමය. එහෙත් එක්තරා අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක එතුමන්ගේ පැවැත්ම එතුමන්ට අහිමි කළහොත් ඉහත කී ලෙස ක්‍රිස්තියානි ජීවිතයේ හදවත වීමට උන්වහන්සේට නොහැකි වනු ඇත. ජේසුතුමා පියාණන් වහන්සේගේ පුත්‍රයාය. එහෙත් උන්වහන්සේ මරියතුමියගේද පුත්‍රයා වන සේක.

ස්වර්ගීය මහිමයෙහිදීද උන්වහන්සේ ඒ දෙයාකාරයෙන්ම පවතින සේක. තම පුත්‍රයා විසින් එක් වරක් පමණක් පසුකර යනු ලැබූ, අපගේ ගැලවීමේ කාර්යය ගැන සිතන විට දැන් ඉවත දැමිය හැකි ‍ෙදාරටුවක් ලෙස මරියතුමිය ගැන සිතීමෙන් අප වළක්වන්නේ ඉහත කී සත්‍යතාවමය.

මරියතුමියගේ කුසය තුළ තමන් ගෙනයනු ලැබූ කාලය තුළ පමණක් නොව තම ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් වූ දීර්ඝ කාලය තුළද එතුමියගෙන් යැපෙන්නට තම පූර්ණ නිදහස් කැමැත්තෙන් ජේසුතුමාණෝ අභිප්‍රාය කළහ.

ක්‍රිස්තියානියේ හදවත වන මාංසගතවීම දෙවියන් හා මිනිසුන් අතර සාමය සැසඳීම හා සමතුලිත බව ඇති කරන අබිරහසකි. ක්‍රිස්තියානි නිර්වචනයට අනුව අබිරහසක් යනු තේරුම් ගත නොහැකි දෙයක් නොව තේරුම් ගෙන අවසන් කළ නොහැකි දෙයකි.

මරියතුමිය මෙම අබිරහසට සම්බන්ධය. අයිතිය. යුතු ලෙස අපි එතුමියට පරම ඥාන ආසනය යැයි කියමු. දෙවියන් වහන්සේගේ ගාම්භීර මැදිහත්වීම් ඉදිරියේ තැන්පත් බව හා නිශ්චලකම සත්‍ය ක්‍රිස්තියානිය තුළ එතුමියගේ පැවැත්ම නිසා ආරක්ෂා වේ. දේව දූතයකු විසින් බැහැ දකිනු ලැබ, දෙවියන් වහන්සේ පිළිබඳව වඩාත්ම ස්ථිර අත්දැකීමකින් පොහොසත් කරනු ලැබූ නමුදු එතුමිය බැහැපත්ව තම ආත්මභාවය තුළ නිශ්චලව විසුවාය. එම පුදුමාකාර බැහැදැකීමට පසු එතුමිය තම ඥාතිවරිය වූ එළිසබෙත්, තුමියට උදවු වීමට නිහඬව පා නැඟුවාය.

“ස්ත්‍රීන් අතරින් ආසිරි ලද්දී” යැයි ආචාර කරනු ලැබූ විට

“සියලු පරම්පරාවෝ මට භාග්‍යවන්තී යැයි කියන්නාහ.” යන දිවැස්වැකිය කීවාය.

අපද එම වගන්තියට ඇතුළත්ය. ස්වාමින් වහන්සේගේ බැහැපත් දාසිය ලෙස දිළිඳු බව එතුමිය අමතක නොකළාය. මරියතුමියගේ කාර්යභාරය ශුද්ධවන්තකමේ රහස වන අතර එම රහසට ඇතුළු වීමට අපි පොහොසත් වෙමු.

W.D කුවින්ටස් පෝල්
දලුගම මීසම
විදුහල්පති සාන්ත ෆ්‍රැන්සිස් මහ විදුහල දලුගම