දුර්වලයි ඒත් සහාය දෙනවා

0
13

තමන් ඇතුළු ස්වාධීන මන්ත්‍රි කණ්ඩායම පසුගිය අප්‍රේල් 22දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යෝජනා කළ ජාතික සභාවට වඩා දුර්වල ජාතික සභාවක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

එසේ වුවත් පටු දේශපාලන කෝණයකින් නොබලා ජාතික අර්බුදයෙන් ගොඩ ඒමට ඇති අවස්ථාවක් සේ සලකා ඊට සහාය දෙන බවද මන්ත්‍රිවරයා කීය.  තම කණ්ඩායම යෝජනා කළේ අමාත්‍යවරුන්, ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් පත් කිරීමේ බලයද ජාතික සභාවට තිබිය යුතු බව යැයි කී ගම්මන්පිල, පත් කර ඇති ජාතික සභාවේ එකී බලය නැතත්, අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමේ බලය ලබාදීම පිළිබඳව සතුටු විය යුතු යැයිද පැවැසීය.

ජාතික සභාවට නියෝජිතයන් නම් කර ඇත්තේ ඒ ඒ පක්ෂවලින් වන බව කී ඔහු ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරුන් කණ්ඩායම ඊට ඇතුළත් වී නැත්තේ ඒ හේතුව නිසා යැයිද ප්‍රකාශ කළේය.

විනීතා එම්. ගමගේ