දුටුවන් වශී කරන කේරළයේ මනස්කාන්ත මායා දේශය wayanad

0
77

කේරළය ගැන කොයිතරම් අකුරු ගැළපුවත් එහි සුන්දරත්වය, ලස්සන ගැන අකුරු ගළපා  ගැනීමට කිසිවකුත් සමත් වෙලා නැහැ කියලයි හිතෙන්නේ. මොකද කේරළයේ දකින ඡායාරූප සමඟ සුන්දර මනස්කාන්ත කේරළ ජනරටාව,  කේරළයේ  පරිසරය පිළිබඳ ඔබෙත් මගෙත් හිතේ මැවෙන්නේ චමත්කාර දසුන්.  මලයාලම් සිනමාවේ වටපිටාවට හේතු කාරණා වෙන කේරළය ඉතා අලංකාර පරිසරයකට උරුමකම් කියනවා.

ඒ වගේම කේරළයේ හරිත පාරාදීසයක් ලෙස වයනාඩ් හරි ප්‍රසිද්ධයි. කේරළයේ දිස්ත්‍රික්ක දාහතරෙන් එකක් වන වයනාඩ් පිරිසුදු ඒ වගේම සිත් ඇදගන්නාසුලු  වගේම ලොකු ඉතිහාසයකට උරුමකම් කියනු ලබනවා. වසර පුරාවටම ඉතා සුවදායක දේශගුණයකයක් ලැබෙන වයනාඩ්, කන්නූර් සහ කොස්කෝඩ් දිස්ත්‍රික්ක අතර පිහිටා තිබෙනවා.

සති අන්තයේ විවේකයක් ගත කිරීම සඳහා නන් දෙසින් සංචාරකයන් වයනාඩ් වෙතට පැමිණෙන අතර එදිනෙදා ජීවිතයේ තෘප්තියක් සොයන අයට වයනාඩ් යනු ඉතා අපූරු පරාදීසයක්.  වයනාඩ් හි තිබෙන සුන්දරත්වය නිසාම මායා දේශය නමින්ද වයනාඩ් හ¾දුන්වා තිබෙන අතර ඔබ වයනාඩ් වෙත ගියහොත් ඔබට ඔබගේම සුරංගනා කතාවක් නිර්මාණය කරන්න පුළුවන්. 

මෙම  හරිත පරාදීසය වලාකුළු සිපගත් ක¾දුකරයේ නැවුම් බව ඔබට පෙන්වන අතර   ක¾දුකරයේ ඝන කොළ පැහැයන්,  මායාවන් වැනි නිම්න ඇද හැලෙන වර්ෂාවේ  චමත්කාරයෙන්  සොබාදහමට ආදරය කරන අය හටනම් වයනාඩ් දිව්‍ය ලෝකයක් ත්‍රාසජනක සංචාරකයන්ට  ගන වනාන්තරවල  ගවේෂණය කිරීමට සහ රළු ක¾දු සහ ගල්පර අතරින් දුෂ්කර ගමනක් භුක්ති විඳීමට ප්‍රිය කරන අයට   වයනාඩ් හොඳ අත්දැකීමක්.

මෙම ස්ථානය ඉතිහාසඥයන්ගේ, පුරාවිද්‍යාඥයන්ගේ කැණීම් ප්‍රදේශයක් කිව්වොත් හරි සිසිල් දේශගුණය, සාරවත් පස,  කුඹුරු සහ කුළුබඩු තේ සහ කෝපි වගාවන් සමඟ වයනාඩ් ප්‍රධාන තැනක් ගන්නේ. කෘෂිකර්මයට පොහොසත් වෘක්ෂලතා සහ ජෛව විවිධත්වයට අමතරව නූතන ශිෂ්ටාචාරය තවමත් රිංගා නැති වයනාඩ් ප්‍රදේශය දිස්ත්‍රික්කයේ මුල් පදිංචිකරුවන් වන විවිධ ගෝත්‍රද වාසය කරනවා. ඉතින් අපි මේ සූදානම් වන්නේ ඔබව කේරළේ වයනාඩ් වටා සංචාරයක්  රැගෙන යෑමටය.

චෙම්බ්‍රා කන්ද

චෙම්බ්‍රා කඳු වැටිය යනු මුහුදු මට්ටමේ සිට අඩි 6890ක් උසින් පිහිටි වයනාඩ් ක¾දු වැටියේ උසම ක¾දු මුදුනයි. සශ්‍රික පරිසයකින් සමන්විත චෙම්බ්‍රා කඳු වැටියෙහි තිබෙන්නේ ඉතා සන්සුන් නිස්කලංකතාවක්. ඒ වගේම ත්‍රාස්‍යජනක සංචාරකයන්ට නම් මෙහි සංචාරයක යෙදෙන්න මරු. මෙහි තිබෙන ප්‍රධානම ආකර්ෂණීය ස්ථානය වෙන්නේ බානසුර වේල්ල සහ කන්ද ඉහළින් පිහිටි තේ වතු වගේම හදවතක් හැඩැති විලයි. මෙම විලෙහි කිසි දිනෙක ජලය සිඳී ගොස් නැති බව තමා වයනාද් ජනතාව පවසන්නේ  මෙම කන්ද  තරණය කොට ඉහළට ගිය පසු මල්ලපුරම්  කොස්කෝඩ් සහ නීලගිරි යන දිස්ත්‍රික්කවල මනස්කාන්ත දර්ශනයක් ඔබට දැක ගන්නට පුළුවන්.

කුරුවා දූපත

කබිනි ගඟේ පිහිටි මෙම විස්මිත  කුරුවා දූපත පෙම්වතුන්ගේ පරාදීසයක් විධියට හරි ප්‍රසිද්ධයි. මිරිදිය ජලයෙන් සහ විදේශීය සත්ත්ව විශේෂවලින් සමන්විත කුරුවා දූපත සදාහරිත වනාන්තරවල නිවහනක්. මෙහි සංචාරය කිරීම මඟින් ඔබගේ මනස ඉතා සන්සුන් කර ගත හැකි අතර ක¾දු නැඟීම, කඳවුරු බැඳ විවේකයක් ගැනීම වගේම ගඟේ සෆාරියකුත් යන්නට පුළුවන්.  ඔක්තෝබර් සිට මාර්තු අතර තමා ඔබට කුරුවා දූපතේ සංචාරය කිරීමට හොඳම කාලය.

තොල්පෙට්ටි වනජීවී අභයභූමිය

තොල්පෙට්ටි වනජීවී අභයභූමිය කියන්නේ වනජීවී ලෝලීන් සඳහා අපූරු අත්දැකීමක් ගෙන එන වනාන්තරයක්.  වෘක්ෂලතා සහ සත්ත්වයන් රැසකට වාසස්ථානයක් වන මෙම අභයභූමිය පක්ෂීන් නිරීක්ෂණය කරන්නන්ට නම් අපුරූ ගමනාන්තයක්. මෙම අභයභූමිය ගවේෂණය කිරීම මඟින් ඔබට විශාල සතුන් ප්‍රමාණයක් සමීපයටම ගොස් දැක බලා ගත හැකි අතර මෙහි ගස් උඩ තනා තිබෙන පැල්පත්වලද ඔබට විවේකයක් ගැනීමට පුළුවන්.  ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා සංචාරකයන්ගෙන් තොල්පෙට්ටි  අභයභූමිය පිරී ඉතිරි යනවා.

සචිනි බස්නායක