ගිරිමානන්ද සූත්‍රයෙන් බල ගන්වන කොරෝනා ඇතුළු රෝග රැසක් වළක්වන බලගතු ඔෟෂධීය තෙලක්

0
18

ආයු බොහෝ වේවා! බොහෝ රෝගාබාධ, ඩෙංගු හා කොරෝනා, පිළිකා වැනි වසංගත රෝගවලින් එම රෝගීන් දහස් ගණනක් සුවපත් කළ අත්දැකීම් ඇති මහා බලගතු “ඉසිවර තෙලක්” ඇත.  එය සැකසීම පහසු කරුණක් නොවේ.

මෙම තීරය ඔස්සේ බොහෝ රෝගීන්ට අප එම තෙල් ලබාදී ප්‍රතිශක්තිය වඩවා කොරෝනා සුව කර තිබේ.බොහෝ දෙනාගේ ඉල්ලීම මත එය නැවත සකස් කර ගැනීමට අවශ්‍ය කර තිබේ. පෙර කළ ආකාරයටම එම තෙල සකස් කිරීම සඳහා හැකි ආකාරයෙන් ජනතාවගේද සහයෝගය ලැබේ නම් ලක්වැසි සියලු රෝගීන් වෙනුවෙන් එය සැකසිය හැකිය.මෙම තෙල තැඹිලි තෙල්වලින්ම පමණක් පදම් කරන නිසා වැඩිපුර තැඹිලි පොල් අවශ්‍යය. එක ගෙඩියකින් හෝ සහයෝගය දෙන සැමට තෙල් ටිකක් නොමිලේම ලබාදෙන්නෙමි. තෙල් කටාරම්වලට තඹ කම්බි ඇද ගිරිමානන්ද සූත්‍රයෙන් බොහෝ පිරිත් කර පැරැණි කෙම් ක්‍රමයකට එය සිදුකරයි.

පවුලේ සැමගේ නම් තඹ කොළයක ලියා තඹ තෙල් හැළිවලට සම්බන්ධ කරන බැවින් පවුලේ සැමගේ නම් හා රෝගී අයගේ නම් කල්වේලා ඇතිව ලබාදෙන්නේ නම් මැනවි.

මේ සඳහා අවශ්‍ය වන දෑ මෙසේය.

තැඹිලි පොල්, පුහුල්, කිරාත, ගස්ලබු කොළ, තුල්සි, හාතාවාරිය _ අලකොළ, උඳු පියලිය, මදටිය කොළ හා පොතු, දේවදාලිය, පිටවක්කා, නෙල්ලි, මුඩමහන, අමුඉඟුරු, අමු කහ, ලුණුවිල, වැල්ගොටුකොළ, අක්කපාන, වැල් කහඹිලියා, සිද්ධාර්ථ, රත් නිවිති, අංකෙන්ද කොළ පොතු, ගොනිකා, පාවට්ටා කොළ, නික කොළ, වැල් තිබ්බටු, කුප්පමේනිය, ප්‍රාණජීව, නිල් අවරිය, මුරුංගා කොළ, අරත්ත අල, කරපිංචා කොළ පොතු, වැල්පෙනෙල, බෙලි කොළ, කටුපිල කොළ.

කොරෝනාව කාලයේ මහත් සේ දුක් විඳි දහස් ගණන් රෝගීන් සුවපත් කළ එම තෙල ඉතාමත් ප්‍රබලය. තෙල් බිඳක් දිව ගා උණු වතුර කෝප්පයක් බීවොත් මුළු දවසම ඕනෑම රෝගයකට මුහුණ දිය හැකි ප්‍රතිශක්තියක් ඇතිවන්නේය. එය ඒ තරමටම බලගතු ඉපැරැණි ඔසුවකි. මින් පෙරද අප වෙතින් එහි ගුණ ලබාගත්තා සේම යළිත් සියලු රෝගාබාධ වෙනුවෙන් ඇප කැපවිය හැකිය.

විජිත කේ. පතිරණ

දේශීය පාරම්පරික වෛද්‍ය ජේ‍යාතිෂවේදී දේශබන්දු, වෛද්‍යාභිමානි එස්.පී. අධිකාරිගේ

78/3,

විද්‍යාල හන්දිය, මල්වත්ත පාර, ජයශක්ති මාවත. හෝකන්දර දකුණ.

0770262594, 0775302089