කොළඹ පුරා දිවෙන ත්‍රාසජනක චාරිකාව

0
316

නයිට් රයිඩර් නම ඇසූ පමණින්ම ඉතා සමීප හුරු පුරුදු වචනයක් ලෙස දැනෙන නමක් නේද? කතාව නම් අපි පොඩි කාලේ කට ඇරගෙන බලපු නයිට් රයිඩර් ගැන නම් නෙමෙයි. මේක සිංහල ෆිල්ම් එකක්. කොහොම වුණත් චිත්‍රපටය තිරගත වීමට තිබුණේ මේ වසරේ ජූලි මස 22 වැනිදා වුවද පසුව ජූලි 29 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීම ආරම්භ වුණා.

ප්ලොට් එක ගැන චුට්ටක් බැලුවොත් අහස උසට ගොඩගැහුණු සිහින, බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය ජය ගැනීමට වෙරදරන කුලී රථ රියැදුරකුට ඉතාමත් අනපේක්ෂිත ලෙස මුණ ගැසෙන නාඳුනන රූමත් තරුණියක් සමඟින් රැයක් පුරා කොළඹ නගරය තුළ මුහුණ දෙන්නට සිදුවන  ත්‍රාසජනක චාරිකාවයි මේ නයිට් රයිඩර්.

මෙම චිත්‍රපටයේ කලණ ගුණසේකර, යුරේනි නොෂිකා, ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, තුමි¾දු ‍ෙදාඩම්තැන්න, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාර උන්නැහේ, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස් යන රංගන ශිල්පීන්, ශිල්පිනියන් රංගනයෙන් දායක වන අතර මෙහි නිෂ්පාදනය කසුන් පතිරණගේය.

කතාව, දෙබස්, තිර රචනයෙන් කසුන් පතිරණ හා ශ්‍රීනාත් චතුරංගද, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්ව කරුණාරත්නද, සංස්කරණයෙන් ලක්රුවන් ද සේරම්ද, සංගීතයෙන් අජිත් කුමාරසිරිද, කලා අධ්‍යක්ෂණයෙන් චරිත් වික්‍රමතිලකද, රේඛීය නිෂ්පාදනයෙන් රොනිත් අධිකාරිද, නිෂ්පාදන සහායෙන් තරි¾දු දේශප්‍රියද, සහාය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාරද, වේශ නිරූපණයෙන් ශාලිත ගුණවර්ධනද, වර්ණ සංකලනයෙන් මලින්ද සම්පත්ද, පරිගණක දෘශ්‍ය නිර්මාණයෙන් දිමුතු රූපසිංහද, සටන් අධ්‍යක්ෂණයෙන් ඔසඳ සම්පත් බණ්ඩාරද, ඇ¾දුම් නිර්මාණයෙන් චරිත් ගමගේද, ශබ්ද පරිපාලනයෙන් ආශා රාජපක්ෂ යන අය මෙම චිත්‍රපටයේ කැමරාව පිටුපස සිට දායකත්වය ලබා දීලා තිබෙනවා.

නයිට් රයිඩර් යනු 2022 වසරේදී ශ්‍රී ලාංකේය සිංහල සිනමාවට එළිදැක්වුණු ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර මෙහි දේශපාලන හා ආදරයද ඇතුළත් කතාවක් කිව්වොත් වැරැදි නැහැ. මේ  චිත්‍රපටයේ කලන ගුණසේකර මිලින්ද ලෙස සහ යුරේනි නොෂිකා ශානී සූරියබණ්ඩාර ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ඩබ්ලිව්. ජයසිරි සහ මහේන්ද්‍ර පෙරේරා යන ප්‍රවීණයන් සහාය චරිත නිරූපණය කරනවා.

කොළඹ කුලී රථ රියැදුරකු ලෙස සේවය කරන මිලින්දට මාධ්‍යවේදිනියක් සිය මෝටර් රථයට ගොඩවී දේශපාලන මැර පිරිසක් ඇය පසුපස එන විට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටා චිත්‍රපටයේ තේමාව ගෙතී ඇති අතර, ඇයව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කුලී රථ රියදුරුට අනපේක්ෂිත සිදුවීම් රැසකට මුහුණ දීමට සිදුවෙනවා.

මාධ්‍යවේදීනියක් ලෙස සිටින යුරේනි මේ චරිතය තුළම රැඳී ඇය මේ චරිතයට සාධාරණයක් ඉටු කර ඇති අතර රියැදුරකුගේ චරිතය කරන කලණද තම චරිතයට සාධාරණයක් ඉෂ්ට කර තිබේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත විතරක් නොව සෙසු රංගන ශිල්පීන් ශිල්පිනියන්ද තම උපරිමය ලබා දී ඇති බව කියන්නම ඕනේ.

රොචිනි රූපසිංහ