ඇමැති තටු කපන්න කැබිනට් අනුමැතිය

0
17

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සන්දේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඉකුත්දා (23දා) ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. දැනට ශ්‍රී  ලංකාව මුහුණ දී ඇති අසීරු අර්බුදය හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා මේ තීරණය ගත් බවද හෙතෙම කීය.

එමෙන්ම එවැනි සංචාර සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතුවලට අවශ්‍යම කිහිපදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පමණක් සහභාගි කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

සවනි ශේශාධි