SLT හා HNB සම ශූරතා දිනති

0
33

වෙළෙඳසේවා ක්‍රිකට් සංගමය මඟින් සංවිධානය කරනු ලබන ‘ 2022 මැලිබන්-එම්.සී.ඒ. මාස්ටර්ස් සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ’ සම ශූරයන් ලෙස සම්මාන දිනා ගැනීමට එස්.එල්.ටී. සහ එච්.එන්.බී. කණ්ඩායම් පසුගියදා සමත් විය.

වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මෙම තරගාවලියේ ලීග් අදියරේදී කළම්බු ඩොක්යාඩ් සහ සිංගර් ශ්‍රී  ලංකා කණ්ඩායම් පරාජයට පත් කළ එස්.එල්.ටී. පිල ඉන් අනතුරුව සම්පත් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබිණි.

කෙසේ වෙතත් අවසන් මහා තරගයේදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් එස්.එල්.ටී. සහ පසුගියවර අනුශුරයන් වූ එච්.එන්.බී. කණ්ඩායම් තරගාවලියේ සම ශූරයින් ලෙස නම්කිරීමට පියවර ගෙන තිබිණි.