අලි සබ්‍රි අමෙරිකානු ජනපති හමුවෙයි

0
165

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් හමු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදු වී ඇත.

නිව්යෝර්ක්හි පැවැත් වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයේදී, හෙට දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත ය.

ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, 77 වන කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම, ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය රැස්වීම වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයක් ද විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමතීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here