සොරකම් රැසකට සම්බන්ධ රතුවත්තේ චූටා පොලිසියට කොටුවෙයි

0
9

පානදුර පල්ලියමුල්ල සහ කෙසෙල්වත්ත ප්‍රදේශවල වෙළෙඳසල් සහ ගෙවල් බිඳුම් සිදුකළ ‘රතුවත්තේ චූටා’ නමැත්තා පෙරේදා (21දා) අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය සමත්ව ඇත.

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තොග වෙළෙඳසලක පිටුපස ‍ෙදාර උල් ආයුධයකින් ගලවා ඇතුළු වී එහි ලාච්චුවේ තිබූ මුදල් සහ සිගරට් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනාකමකින් යුත් පාපැදියක් ඇතුළු භාණ්ඩ සොයාගත් බවද පොලිසිය කීය.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොස්තාපල්වරුන් වන ප්‍රබුද්ධ, ලක්ෂාන්, නෙරංජන්, දිසානායක බණ්ඩාර සහ රාජකරුණා වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් රණවක