සංඛ සමඟින් වික්ටර් ගයන ‘සංඛේත’ 24දා BMICHහිදී

0
115

ආචාර්ය වික්ටර් රත්නායක ගී ගයන නවතම සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 24දා ප.ව. 7.00ට පැවැත්වීමට නියමිතය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ප්‍රසංගය ‘සංඛේත’ යනුවෙන් නම් කොට ඇත. ‘සංඛේත’ සංගීත ප්‍රසංගයට ආචාර්ය වික්ටර් රත්නායකයන් ගී ගයන්නේ නව පරපුරේ දක්‍ෂ ගායන ශිල්පියකු හා වාද්‍ය ශිල්පීන් වන සංඛ දිනෙත් සමඟය.

කලක් රෝගාතුරව සිටි ආචාර්ය වික්ටර් රත්නායක ‘සංඛේත’ ප්‍රසංගයෙන් තම රසික රසිකාවියන් අතරට එන්නේ ඔහුගේ ජනප්‍රිය ගීත රැසක් සමඟිනි. මෙම ප්‍රසංගය තුළින් ආචාර්ය වික්ටර් හා සංඛ දිනෙත් බලාපොරොත්තු වන්නේ පෙර පරපුර හා නව පරපුර එක් වේදිකාවකට ගෙන ඒමටය.

සමන් ප්‍රියංකර නම්මුණිගේ