ශා.ජෝශප්-ත්‍රිත්ව අවසන් තරගය හෙට

0
14

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (24දා) මග්ගොන සරේ ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.

කණ්ඩායම්76ක් සහභාගි වූ මෙම තරගාවලියේ ශූරයන් වීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමඟින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තරග වදියි.

කෙනත් දිසානායක කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, මලිත් රත්නායක මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිල මෙහෙයවනු ලබයි.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල සංචිතය: කෙනත් දිසානායක (නායක), අභිෂේක් ජයවීර (උප නායක), යෙනුල දෙව්තුස, නරේන් මුරලිදරන්, සහන් දාබරේ, හිරාන් රණවීර, කවේන් පතිරණ, සෙනෝද් සොයිසා, ඕෂධ ගුණසිංහ, ඩිහේන් ද සිල්වා, මානස මධුභාෂණ, දුනික් පෙරේරා, රිෂ්ම අමරසිංහ, ෂෙනාල් අනුරාධ, ආසිරි කල්දේරා (කණ්ඩායම් භාර ආචාර්ය), ඩිලන් රාමනායක (ප්‍රධානපුහුණුකරු), ටොරින් පිටිගල (සහාය පුහුණුකරු)

මහනුවර ත්‍රිත්ව විද්‍යාල සංචිතය:මලිත් රත්නායක (නායක), ජයවි ලියනගම, තිසුම් රත්නායක, කවීන් ගමගේ, ලක්වින් අබේසිංහ, තිසල් යාපා, ඕෂණ ලොකුගේ, කදේෂ් ඇන්ටන්, කවිඳු ජයරත්න, ආදම්හිල්මි, ස්වේත් අනුරජීව, දිමන්තමහවිතාන, පුලිෂ තිලකරත්න, යතිල උදාර, වී. රවීන්ද්‍රන් (කණ්ඩායම් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු) 

ඉෂාන් රශ්මිත