ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය පාසල් 325කට ක්‍රිකට් පන්දු බෙදයි

0
25

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන පාසල් 325ක් වෙත අවශ්‍ය ක්‍රිකට් පන්දු බෙදා දීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී  ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව මෙම කටයුත්ත සිදු කර තිබිණි. මෙහිදී අදාළ තරගාවලිය සඳහා ලියාපදිංචිව ඇති පළමු, දෙවැනි හා තෙවැනි කාණ්ඩ යටතේ පාසල් 325ක් සඳහා මෙලෙස බෙදාදී තිබූ මුළු ක්‍රිකට් පන්දු ප්‍රමාණය 7680ක් පමණ වන බව සඳහන්ය.

කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී සංකේතාත්මකව ක්‍රිකට් පන්දු බෙදාදීමේ අවස්ථාව සිදු වූ අතර, ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී (ජාතික) චින්තක එදිරිමාන්න, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඔෂාර පණ්ඩිතරත්න,  එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත්, අධ්‍යාපන ඒකකයේ පුහුණු ප්‍රධානී හේෂාන් ද මෙල්, ලුම්බිණි විදුහලේ විදුහල්පති සරත් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සම්බන්ධීකාරක මොරිස් ඩිලා සිල්වා, පාසල් ක්‍රිකට් සංගමයේ තරගාවලි ලේකම් නිශාන්ත කුමාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ක්‍රීඩා අධ්‍යක්‍ෂ රුවන් පතිරණ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.