වැඩ බිමකින් එක්ලක්ෂ විසිපන්දහසක කම්බි කූරු පැන්නූ පුද්ගලයා දැලේ

0
8

ගාල්ල වක්වැල්ල පාරේ ඉදිකිරීම් වැඩ බිමකින් රුපියල් එක් ලක්ෂ විසිපන් දහසකට අධික වටිනාකමකින් යුත් කම්බි තොගයක් සොරකම් කරන ලද පුද්ගලයකු සොරකම් කරන ලද කම්බි තොගයද සමඟ අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වැඩ බිම අසල පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

වක්වැල්ල පාරේ උපකාරක පන්ති පවත්වාගෙන යන ස්ථානයක නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා මෙම මිලිමීටර් 16 කම්බි තොගය ගෙනැවිත් ගොඩගසා තිබියදී සැකකරු රාත්‍රි කාලයේදී ඒවා සොරකම් කරගෙන ගොස් තම නිවෙසේ සඟවා ගෙන සිටියදී කොස්තාපල් සඳරුවන් (32291) මහතාට ලැබුණු තොරතුරක් අනුව ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ පොලිස් පරීක්ෂක මහේෂ්, සැරයන් සොයිසා (22037), කොස්තාපල් අරවින්ද (79245) යන මහත්වරුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්අ හංගම _ එස්. දීයගහගේ