බුලත් කැඩීමට ගසට නැඟි දෙදරු පියා වැටී මරුට

0
5

නිවෙස අසල තිබූ බුලත් වැලකින් බුලත්කොළ කැඩීමට ගසට නැඟි දෙදරු පියකු ගසෙන් වැටීමෙන් පෙරේදා (21දා) මියගොස් ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල පගුර අරළුවින්න පදිංචි ඒ.ජී. පුංචි මහත්තයා (60) නමැති අයෙකි.

මියගිය අය ගෙවත්තේ මොර ගසකට ගොස් තිබූ බුලත් වැලකින් බුලත් කැඩීමට ගසට නැඟ සිටියදී අල්ලාගෙන සිටි ගසේ අත්තක් බිඳී බිමට වැටීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත. දඹගල්ල පොලිස් ස්ථානාධිපති එච්.ජී.එස්. ජයවීර මහතා පරීක්ෂණ පවත්වයි.

බිබිල _ නඳුන් ගුණතිලක