පානදුරේ පන්සලක ‍ෙදාළොස්මහේ පහන ඉස්සූ පුද්ගලයා සොයා පරීක්ෂණ

0
11

පානදුර ශ්‍රී  සද්ධර්මාරාම විහාරස්ථානයේ ‍ෙදාළොස්මහේ පිත්තල පහන පසුගියදා (20දා) අලුයම සොරකම් කර ඇති බවට විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව  පින්වත්ත පොලිසිය පවසයි.

එම පහන වසර විස්සකට පමණ පෙර විහාරස්ථානයේ සවිකර ඇති බව සඳහන්  වේ.

විහාරස්ථානයේ විශේෂ කුටියක් තුළ තිබෙන පහන එහි වීදුරු ‍ෙදාර ගලවා රැගෙන ගොස් ඇති බවට දැනට කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති අතර, ප්‍රාදේශීය ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරයි.

පොතුපිටිය – සුමිත් රණවක