පන්සියගම පොලිසියේ රාජකාරි පොත් දෙකකට වෙච්ච දෙයක් නෑ

0
18

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත්  පන්සියගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ පවත්වාගෙන ගිය රාජකාරිමය පොත් දෙකක් ඉකුත් 15 වැනිදා සිට පොලිස් ස්ථානයෙන් අතුරුදන් වී තිබේ.

නිකවැරටිය කොට්ඨාසයට අයත් මෙම පොලිස් ස්ථානයේ තිබූ මෙම පොත් දෙක ඉකුත් 15 වැනිදා පෙරවරුවේ සිට අතුරුදන් වී ඇත. මේ වනවිට එදින පොලිසියේ රථ වාහන අංශයට පැමිණිලි කිරීමට පැමිණි අය ඒවා වැරැදීමකින් හෝ රැගෙන ගියේද කියා ඔවුන් සොයා ගොස් ඔවුන්ගෙන් හා එදින පොලිසියේ රාජකාරි කළ අයගෙන් ඒ ගැන කරුණු විමසා සිටින බවත් පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම කිසියම් අයකු රැගෙන ගිය මෙම පොත් පොලිස් පරිශ්‍රයේ ළිඳට දමා ඇත් දැයි යන්න සොයා බැලීම සඳහා 21 දිනයේදී මෝටර් දමා වතුර ඉවත් කොට පරීක්ෂා කර ඇතත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් හෙළිවී නැති  බවට තොරතුරු අනාවරණය විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව මහව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විධිමත්ව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව නිකවැරටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන පැවැසීය.

පොල්පිතිගම – නන්දන කැලේගම