නවසීලන්තය සමඟින් ශ්‍රී  ලංකාව හෙට තරග බිමට

0
47

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ්’ විස්සයි 20 ක්‍රිකට් තරගවලියේ ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් පිල සහභාගි වන තවත් තරගයක් හෙට (24දා) නවසීලන්ත ලෙජන්ඩ්ස් පිල සමඟින් පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව මෙම තරගය

ශ්‍රී  ලංකාවේ වේලාවෙන් හෙට සවස 3.30ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, මෙම තරගය ජයගතහොත් මෙවර රොඩ් සේෆ්ටි විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රී  ලංකාවට අවස්ථාව හිමිවේ.

එසේම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට දිල්ෂාන් මුණවීර (තරග 3කදී ලකුණු 145ක්) සහ තෙවැනි ස්ථානය තිලකරන්ත දිල්ෂාන් (තරග 3කදී ශතකයක්ද සමඟ ලකුණු 123ක්) හිමිකරගෙන තිබේ.

තවද මෙම තරගාවලියේ තරග 3කදී කඩුලු 8ක් දවාගෙන ඇති නුවන් කුලසේකර මෙම තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගනිද්දී තරග 2කදී කඩුලු 4ක් දවාගෙන ඇති සනත් ජයසූරිය පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයහිමිකරගෙන තිබේ.  

 ගමිත දෙහිපිටිය