ධර්මරාජ-කිංග්ස්වුඩ් වාර්ෂික හටන අද සහ හෙට අස්ගිරියේදී

0
19

මහනුවර ධර්මරාජ හා කිංග්ස්වුඩ් අතර පැවැත්වෙන ‘මෙරුන් මහා හටන’ වාර්ෂික ක්‍රිකට් තරගය අද (23දා) හා හෙට (24දා) යන දෙදින මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිතය.

115 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියට පෙර පැවැති තරගවලදී ධර්මරාජ පිල අවස්ථා 35කදීත්, කිංග්ස්වුඩ් අවස්ථා 20කදීත් ජය වාර්තා කර ඇති අතර, තරග 58ක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.

විදුහල්පති කමල් ආරියවංශ මහතාගේ මඟ පෙන්වීම යටතේ චම්පික සිරිවර්ධන මහතාගේ පුහුණු උපදේශකත්වය යටතේ මෙවර ධර්මරාජ විදුහල මෙහෙයවීමේ වගකීම සචින්ත දිසානායකට පැවරී ඇති අතර, විදුහල්පති උපාලි චන්ද්‍රකුමාර මහතාගේ මඟ පෙන්වීම යටතේ පියල් සල්ගාදු මහතාගේ පුහුණු උපදේශකත්වය යටතේ මෙවර කිංග්ස්වුඩ් පිලේ සුක්කානම මහසෙන් අබේකෝන්ට හිමිව තිබේ.

ධර්මරාජ විදුහල් කණ්ඩායම _ සචින්ත දිසානායක (නායක), තිසරු වන්නිනායක (උප නායක), ඉෂාර මාපලගම, මලිත හපුආරච්චි, ඉසුල් මධුවන්ත, නවින් ජයවීර, දුසංග ගුණසිංහ, සජිත රත්නායක, අරෝෂ මහගෙදර, රිවෝන් කොස්ගොල්ල, ඉඳුල රණසිංහ, ඔනජිත් සිල්වා, සදීප රත්නායක, නිසල අබේරත්න, පුලිඳු පෙරේරා, ප්‍රවීන් රත්නායක, මලිෂ රාජකරුණා. දුලාර බන්දුලසේන, ඉසුරු පන්නල, සාරංග උඩුවෙල, චම්පික සිරිවර්ධන (පුහුණුකරු), නවීන් දිල්ෂාන් (සහාය පුහුණුකරු), අමරජීව දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය), සාලිය සමරවික්‍රම (ක්‍රීඩා පරිපාලක)

කිංග්ස්වුඩ් විදුහල් කණ්ඩායම _ මහසෙන් අබේකෝන් (නායක),

අමේෂ් රූපසිංහ (උප නායක), හෂින්ත පොල්කොටුව, ගනුක සළුවඩන, ඔෂාන් විරංජන, හසංග රත්නායක, කවීජ ගමගේ, රවිඳු බණ්ඩාර, අබ්දුල් හකම්, දිනුක සඳරුවන්, නිකේෂල නානායක්කාර, ස්ටීවන් රොනල්ඩ්, නෙනුක දිසානායක, ගජිත පහලගේ, අදිල් ෂෙරීෆ්, නලින් රත්නායක (ක්‍රිකට් භාර ආචාර්ය), පියල් සල්ගාදු (පුහුණුකරු)

සටහන හා ඡායාරූප

මහනුවර – කෝකිල සමීර