කොළඹ ශාන්ත ජෝශප් සිවුවැනි ජය ලබයි

0
11

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී තම සිවුවැනි ජය වාර්තා කිරීමට අපරාජිත පසුගිය වර ශූර කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය.

එහිදී සාන්ත ජෝශප් විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 3කින් පැරදවූ අතර, තවත් තරගයක කොළඹ වෙස්ලි විද්‍යාලය කැලණිය ගුරුකුල විද්‍යාලය ලකුණු 180කින් පැරදවීය.

මෙම තරගයකදී පිත්තෙන් දස්කම් දැක්වූ සනිතු අමරසිංහ (කොළඹ වෙස්ලි) සහ ෂාරුජන් ෂන්මුගනාදන් (ශාන්ත බෙනඩික්ට්) ශතක වාර්තා කළ අතර, පැතුම් විහඟ (වත්තල ශාන්ත අන්තෝනි) පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශාන්ත ජෝශප් – කොළඹ රාජකීය

කොළඹ රාජකීය: 232/7 (සිනෙත් ජයවර්ධන 73, සදේෂ් රාමනායක 50, යෙනුල දෙව්තුස 34/2,)

ශාන්ත ජෝශප්: 233/7 (ෂෙවොන් ඩැනියෙල් 52, සහන් දාබරේ 42, හිරාන් ජයසුන්දර 42, සිනෙත් ජයවර්ධන 38/3)

ශාන්ත ජෝශප් විද්‍යාලයට කඩුලු 3 ජයක්. 

කොළඹ වෙස්ලි – කැලණිය ගුරුකුල

වෙස්ලි: 362 (සනිතු අමරසිංහ 111, චමත් ගෝමස් 86, හිරුණ නිම්සර 46/3)

ගුරුකුල: 182 (නේතන් ඩිෂේන් 43.

ෂකේෂ් මිනොන් 23/4)

වෙස්ලි විද්‍යාලයට ලකුණු 180ක ජයක්. 

කොටහේන ශාන්ත බෙනඩික්ට් – මොරටුව වේල්ස් කුමර

බෙනඩික්ට්: 287/6 (ෂාරුජන් ෂන්මුගනාදන් නොදැවී 104, ෂෙනාල් සමරතුංග 65, ප්‍රින්ස් ප්‍රනාන්දු 46/3)

වේල්ස් කුමර: 146 (රිවිත් ජයසූරිය 30, මෙවන් දිසානායක 11/2)

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 141ක ජයක්.  

කටුගස්තොට ශාන්ත අන්තෝනි _ ගල්කිස්ස ශාන්ත තෝමස්

ශාන්ත තෝමස්: 122 (ආකාෂ් ප්‍රනාන්දු 46,

ළහිරු අබේසිංහ 27/3)

ශාන්ත අන්තෝනි: 125/5 (තිසර ඒකනායක 38, දිනෙත් ගුණවර්ධන 20/2)

ශාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 5ක ජයක්. 

ගාල්ල මහින්ද _ මහනුවර ධර්මරාජ

මහින්ද: 175/8 (චන්දූප ද සිල්වා 68, හිරුණ මන්දිල 35, පුළිඳු පෙරේරා  36/3, නිසල අබේරත්න 38/3)

ධර්මරාජ: 106/9 (ඔනාජිත් ද සිල්වා 16, කවීන් රුක්ෂාන් 6/2, රන්මිණ  හෙට්ට්ආරච්චි 14/2, තරුෂ ඩිල්ෂාන් 22/2)

මහින්ද විද්‍යාලයට ලකුණු 69ක ජයක්.  

කොළඹ තර්ස්ටන් _ ගාල්ල ශාන්ත ඇලෝසියස්

තර්ස්ටන්: 198/8 (තේනුක දේවප්‍රිය 68, උසාන් ඉමේෂ 59, කළණ පැතුම් 35/4)

ඇලෝසියස්: 164 (කවිඳු අමරසිංහ 30, කවිඳු ප්‍රභාත් 24/3)

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 34ක ජයක්.   

වත්තල ශාන්ත අන්තෝනි _ රත්ගම දේවපතිරාජ

ශාන්ත අන්තෝනි: 219 (අමිත සංදීප 53, චාමින්ද සඳරුවන්  21/4)

දේවපතිරාජ: 190 (මතීෂ සාරංග 43, පවන් සංදේෂ් 40, පැතුම් විහඟ 33/6, සහන් අනිකේත් 31/3)

ශාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 29ක ජයක්.  

පානදුර ශාන්ත ජෝන් _ කරන්දෙණිය මමවි

ශාන්ත ජෝන්: 122 (දෙනෙත් ප්‍රසංග 52, ගිනක දම්හිරු 13/4, තරුෂ දුලංජන 22/3)

කරන්දෙණිය මමවි: 116 (පසිඳු කුමාර 24, දෙනෙත් ප්‍රසංග 19/3)

ශාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 6ක ජයක්.  

පුත්තලම ආනන්ද ජාතික පාසල _ කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය

මලියදේව: 169 (මෙතුල් ජයසිංහ 50, ඉසුරු විජේකෝන් 34, විමුක්ති සඳරුවන් 11/3)

ආනන්ද ජාතික පාසල: 172/5 (සුනෙත් තරංග 39, විමුක්ති සඳරුවන් නොදැවී 35, නිත්‍ය අළුත්ගම 65/2)

පුත්තලම ආනන්ද ජාතික පාසලට කඩුලු 5ක ජයක්.

පිලියන්දල මමවි _ යාපනය ශාන්ත ජෝන්

ශාන්ත ජෝන්: 173 (ඇන්ටන් අභිෂේක් 76, ඩිලාෂ් සචින්ද 22/3)

පිලියන්දල මමවි: 174/7 (සෙතික දිල්මිත් 52, ඩිලාෂ් සචින්ද 29, ජෙයචන්ද්‍රන් අශිනාත් 44/3)

පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

පානදුර රාජකීය – තෝලංගමුව ඩඩ්ලි සේනානායක මමවි

රාජකීය: 294 (යසිත් ප්‍රනාන්දු 88, ඉෂාර ජයකොඩි 43/4)

ඩඩ්ලි සේනානායක මමවි: 159 (ආකාෂ් ලියනගේ 37, රුසිත් ජයවර්ධන 27/3)

පානදුර රාජකීය විද්‍යාලයට ලකුණු 135ක ජයක්.

ඉබ්බාගමුව මමවි _ යාපනය ශාන්ත පැට්රික්

ශාන්ත පැට්රික්: 90 (මනුජ විජේරත්න 14/4)

ඉබ්බගමුව මමවි: 94/2 (මධුෂ ඒකනායක නොදැවී 39, පුබුදු පලිපාන නොදැවී 32)

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

ඉෂාන් රශ්මිත