කොස්ගම මහා විද්‍යාලය විද්‍යාර්ථ ජාතික පාසල වෙයි

0
35

සීතාවක පුරවරයේ කොස්ගම මහා විද්‍යාලය කොස්ගම විද්‍යාර්ථ ජාතික පාසල ලෙසින් නම් කිරීම පසුගියදා එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. අඩසිය වසකට ආසන්න කාලයක් සංවර්ධනය වෙමින් පැවැති මෙම විද්‍යාලයට තරුණ ක්‍රියාශීලී දක්ෂ නායකත්වයක් දෙමින් විදුහල්පති ධුරය භාරගත් දිලංක කුමාරප්පෙරුම මහතාගේ පදවි ප්‍රාප්තියෙන් තෙවසරක් සපිරුණු

සැප්තැම්බර් 19 වැනි දින පැවැති මෙම උත්සව අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්තා රූපසිංහ, විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසූරිය, සීතාවක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ශිරානි කුසුම් දිසානායක, සැලසුම් අධ්‍යක්ෂ සී. හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් සහ අවට පාසල්හි විදුහල්පතිවරුද විශාල පිරිසක් එක්වූහ.

විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, සංවර්ධන කමිටුව හා මවුපියන් එක්ව නව නාමකරණය එළිදැක්වීමේ උත්සවය සංවිධානය කළ අතර මෙහිදී අධ්‍යාපන අධ්‍යක්ෂවරිය නව නාමකරණ සන්නස් පත්‍රය විදුහල්පතිවරයා වෙත පිළිගැන්වීය. විද්‍යාලයීය සංගීත, නාට්‍ය, නර්තන අංශ භාර ගුරු භවතුන්ගේ මඟපෙන්වීම යටතේ දරු දැරියන් ඉදිරිපත් කළ මනරම් රංගනයන්ගෙන් උත්සවය විචිත්‍රවත් විය.