අවුරුදු 8ක දැරියට බරපතළ ලෙස අතවර කළ සුළු පියා රිමාන්ඩ්

0
6

වයස අවුරුදු 8ක දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ඔක්. 4දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරටුව අතිරේක මහෙස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා (21දා) නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මොරටුව රාවතාවත්ත පොල්කොටුව පටුමඟ ප්‍රදේශයේ පදිංචි මලියදේව කංකානම්ගේ චමින්ද කුමාර නමැති 45 වියැති පුද්ගලයකු වේ. මෙම පුද්ගලයා කාලාන්තරයක සිට මෙම දැරිය අපයෝජනය කර ඇතැයිද, ඔහු දැරියගේ මවගේ දෙවැනි විවාහය බව පොලිසිය පැවැසීය. දැරියගේ මව විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී සැකකරු බරපතළ ලෙස දැරිය ලිංගික අවශ්‍යතා වෙනුවෙන් යොදාගෙන ඇතැයි හෙළිදරව් වී ඇත. දැරිය පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇත.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

මොරටුව – ඉරංග ප්‍රනාන්දු