“IMF ගිවිසුම ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා නෑ”: ජනපති කතානායකට කියයි

0
117

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සම්බන්ධයෙන් මෙතෙක් ආමත්‍ය මණ්ඩලය දැනුවත් නොකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතානායවරයාට දැනුම් දී තිබේ.

අද (සැප්. 22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මේ සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ද අනුමැතිය ලැබිය යුතු බව ත් ණය හිමියන් සමග ද සාකච්ඡා කර ඔවුන්ගේ වාර්තා ද දැනුවත් කිරීමට ඇතුළත් කළ යුතු බව ත් ජනාධිපතිවරයා පැවසූ බව ය.

ඒ අනුව සියලු වාර්තා ලැබුණු පසු ඒ පිළිබඳව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන අතර ඊට විපක්ෂයට ද සහභාගි විය හැකි බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා පැවසීය.

එමෙන් ම, ඊට සහභාගි වීමට කැමැත්ත දක්වන අනෙකුත් පක්ෂවලට ද අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේදී පැමිණිය හැකි බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here