ඛනිජ තෙල් සංශෝධිත පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලශක්ති ඇමති ප්‍රතිචාර දක්වයි

0
231

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධිත කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් කඩිනමින් සංශෝධනය කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (සැප්. 22) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී ය.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන් ම ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායකවරයා පැවසීය.

තව ද පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මගින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරට ත් සඳහන් කර ඇත.