රංජනගම වැවේ නාඳුනන මළ සිරුරක්

0
198

වීරඹුගෙදර, රංජනගමුව ප්‍රදේශයේ රංජනගම වැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (සැප්. 21) සවස් කාලයේදී මළ සිරුර සොයාගෙන ඇති අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව ය.

මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන උස අඩි 5යි අඟල් 4ක් පමණ වන පුද්ගලයෙකි.

කළු පැහැති අත් කොට කමිසයක් සහ සුදු පැහැති දිග කලිසමක් ඇඳ ඇති බවට පොලිසිය පැවසීය.

මෘත ශරීරය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.