ජනපති රැජිණගේ අවමගුලට සහභාගි වීම ගැන වජිරගෙන් ප්‍රකාශයක් (VIDEO)

0
208

කුමන ප්‍රශ්න තිබුණ ද ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම රටට ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මහ රැජිණ ඔටුනු පැළඳි අවස්ථාවේදී පැවති රාජකීය උත්සවයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මව සහ පියා සහභාගි වූ බව ය.

ඒ අනුව, ඇයගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වීම ශ්‍රී ලංකාවට වැදගත් බව ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාවට රජවරුන්ගේ ඉතිහාසයක් තිබිලා තියෙනවා. ඒ රජ පරම්පරාව එතැනින් අවසන් වෙලා තියෙනවා. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ලෝකයේ දියුණු වූ රටවල් දිහා බැලුවා ම ඒ රටවල තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකාවත් කෙසේ ද ක්‍රියා කරන්නේ කියලා සිතා බැලිය යුතුව තිබෙනවා.”