හීනටියන ශ්‍රී  ධම්මාලෝක මහ නාහිමි 122 වැනි ජන්ම දින ගුණ සැමරුම 23දා

0
7

විචිත්‍ර ගුවන්විදුලි ධර්ම දේශකයාණන් වහන්සේනමක් මෙන්ම දෙස් – විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූ අමරපුර මහා නිකායේ හිටපු මහ නායක ධුරන්ධර, පරම පූජනීය හීනටියන ශ්‍රී  ධම්මාලෝක මහ නාහිමියන්ගේ 122 වැනි ජන්ම දිනය 23 වැනිදාට යෙදී තිබේ.

හීනටියන ධම්මාලෝක මහ නාහිමියන් ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමාගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලදී මහඟු මෙහෙවරක් ඉටුකරන ලද යතිවරයාණන් වහන්සේ නමකි. මහ නාහිමියන්ගේ 122 වැනි ජන්ම දිනය සමරා කටුනායක, හීනටියන පොත්ගුල් මහා විහාරස්ථානයේදී 23 වැනිදා සවස 6.30ට බෝධි පූජා මහා පින්කමක් පැවැත්වේ.

එදින (23දා) කෝපිවත්ත ප්‍රදේශයේ ඇති වැඩිහිටි නිවාසයක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමද අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහ නායක හීනටියන නන්දතිස්ස මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී හීනටියන ධම්මදස්සී නාහිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාව විසින් මෙය සංවිධානය කර තිබේ.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල