හැටන් තරු චතුරස්‍රයේ නොවිසඳෙන කුණු ප්‍රශ්නය

0
11

හැටන් තරු චතුරස්‍ර භූමියේ කසළ ගොඩ ගැසීමත් සමඟ එම ප්‍රදේශයේ මැසි මදුරු උවදුර ඉහළ යෑමෙන් වෙළෙඳසල් හිමියන් මෙන්ම එම ප්‍රදේශයට පැමිණෙන පිරිස්ද විවිධ දුෂ්කරතාවට පත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන එහි වෙළෙඳුන් කිහිපදෙනකුම පවසන ලද්දේ මෙම ස්ථානයේ කසළ ගොඩගැසීමත් සමඟ ප්‍රදේශය පුරා දැඩි දුගඳක් පවතින බවත් ඒ අනුව තමන් විවිධ

දුෂ්කරතාවට පත්ව ඇති බවත්ය.

එමෙන්ම මෙම ප්‍රදේශයේ මැසි මදුරු උවදුරද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් තම සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවීමේ අවදානමක් පවතින බවත් තම වෙළෙ¼දාම්ද නිසි ලෙස කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් පවතින බවත්ය.

මෙම ස්ථානයේ මෙසේ කසළ ගොඩ ගැසීමත් සමඟ එම ප්‍රදේශය හරහා ගමන් කරන තමන්ද විවිධ දුෂ්කරතාවට පත්වන බව ප්‍රදේශයේ ඇතැම් පිරිස් පවසති.

මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් පවසන ලද්දේ ප්‍රදේශයේ එකතු වන කසළ බැහැර කිරීමට නගර සභාවට ස්ථානයක් නොමැති බවත් මෙහි එකතු වන කසළ මස්කෙළිය රිකාටන් හා තලවාකැලේ ප්‍රදේශයට ගෙන යෑමට සිදුව ඇති බවත්ය.

එම ප්‍රදේශවලට ගෙන යෑමට දිරන කසළ වෙනම තේරීමට සිදුව ඇති බවත් ඒ නිසා එසේ එකතු වන කසළ මෙම ස්ථානයේ දමා තෝරන බවත් හෙතෙම පැවැසීය.

වසර ගණනාවක් තිස්සේ මෙම නගර සභාවට කසළ බැහැර කිරීම සඳහා ඉඩම් කොටසක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් ඊට නිසි ස්ථානයක් ලබා නොදීම හේතුවෙන් නගර සභාව මෙන්ම මෙම ප්‍රදේශයේ ජනතාවද දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

වටවල – සී. ඩී. එච්. හේවගේ