ශ්‍රී  ලංකා තයිකොන්ඩෝ පිල අද නේපාලයට

0
23

නේපාලයේ පෝකාරා නුවරදී අද (22දා) ආරම්භ වන 3 වැනි එවරස්ට් ජාත්‍යන්තර විවෘත තයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී  ලංකා තයිකොන්ඩෝ කණ්ඩායම පසුගියදා මව්බිමෙන් පිටත්ව ගියේය.

ලෝක තයිකොන්ඩෝ ක්‍රීඩක ශේ‍ර්ණිගත කිරීමේ තරගාවලියක් ලෙස සැලකෙන මේ සඳහා ශ්‍රී  ලංකාවට අමතරව දකුණු කොරියාව, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය, කෙන්යාව, මලයාසියාව ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 923කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇත. එසේම ඉන් ක්‍රීඩකයන් 691 දෙනෙකු ජේ‍යෂ්ඨ අංශය යටතේ තරග වැදීමට නියමිතව තිබීමද විශේෂත්වයකි.

මෙම තරගාවලිය සඳහා එක්වන ශ්‍රී  ලංකා පිරිමි ටයිකොන්ඩෝ පිලේ නායකත්වය එච්.එච්.ආර්. වනිගසේකර විසින් දරනු ලබන අතර, කාන්තා කණ්ඩායමේ නායකත්වය එම්.අයි.පී. කුමාරිට හිමිව තිබේ.  එම්. ආර්. රත්නසේකර මහතා මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී  ලංකා කණ්ඩායම –

පිරිමි – එච්.එච්.ආර්. වනිගසේකර (නායක), එම්.එස්. බණ්ඩාර, ඒ.ආර්. කුලසිරි, එන්.කේ. ජයසිංහ, අයි. ලක්ෂ්මන්

කාන්තා – එම්.අයි.පී. කුමාරි (නායිකා), ඩබ්.සී. ශ්‍රී මතී, කේ.එම්. මධුෂානි, අයි.එස්. ගුණවර්ධන, ජේ.එන්. සඳමාලි