යතුරුපැදි සොරා බඩුත් එක්ක මාට්ටු

0
12

 උෟරගස්මංහන්දිය ප්‍රදේශයෙන් සොරාගත් යතුරුපැදියක් අහංගම කරන්දුගොඩ යුද හමුදා සෙබළකුගේ බිරියට අයත් නිවෙස පිහිටි ගෙවත්තේ සඟවා තිබියදී අහංගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

දැනට පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබළකුගේ බිරියට අයත් නිවෙස පිහිටි අහංගම කරන්දුගොඩ කෙරමිණියවත්තේ ගෙවත්තේ අංක තහඩු නොමැති යතුරුපැදියක් සඟවා ඇති බවට අහංගම පොලිසියේ විශේෂ කාර්යාංශයේ සැරයන් එම්.කේ.අයි. සම්පත් (60664) මහතාට ලැබුණු තොරතුරක් මත යතුරුපැදිය සොයා ගෙන තිබේ.

 මේ පිළිබඳ කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ විවිධ අපරාධවලට සම්බන්ධ ඔඩ්ඩි නමැති සැකකරුවකු යතුරුපැදිය සොරකම් කොට රුපියල් අනූදහසකට යුද හමුදා සෙබළෙකුට විකුණා ඇත. දැනට අත්අඩංගුවට ගෙන ඇති ඔඩ්ඩි නමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

අහංගම වැඩබලන පොලිස් ස්ථානාධිපති නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි සැරයන්වරුන් වන උපනන්ද (54587), රණවක (64760), පොලිස් කොස්තාපල් විදුර ((82635) යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අහංගම – එස්. දීයගහගේ