මහීෂ් තීක්‍ෂණට යුද හමුදාවෙන් උසස්වීමක්

0
35

ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට  ශ්‍රී  ලංකා යුද හමුදාවෙන් උසස්වීමක් පිරිනමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මහීෂ් දැක්වූ දස්කම් පදනම් කරගෙන මෙම උසස්වීම පිරිනමා ඇති අතර, මේ අනුව මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී  ලංකාව යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම් ඇගයීම වෙනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම උසස්වීම් පිරිනමා තිබිණි. එම අවස්ථාව සඳහා මහීෂ් තීක්ෂණට අමතරව ආසියානු දැල්පන්දු ශුරතාව දිනූ ශ්‍රී  ලංකා පිලේ ටී.ටී. අල්ගම, කේ.බී.වයි. සිල්වා සහ එම්.ඒ.අයි.ජේ. පෙරේරා ද ආසියානු කායවර්ධන ශුරතා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් කායවර්ධන ක්‍රීඩක ආර්.ඒ.ඩී.පී. රාජපක්ෂද සහභාගි විය.