බම්බලපිටිය ශාන්ත පීතර තෙවැනි ජය ලබයි

0
6

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී අපරාජිතව තම තෙවැනි ජය වාර්තා කිරීමට පසුගිය වර ශූර බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්විය.

එහිදී ශාන්ත පීතර විද්‍යාලය විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය කඩුලු 8කින් පැරදවූ අතර, මෙම තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය හමුවේ කොළඹ ආනන්ද විද්‍යාලය කඩුලු 3කින් පරාජය වීම කැපී  පෙනිණි.

බම්බලපිටිය ශාන්ත පීතර _ අම්බලන්ගොඩ ධර්මාශෝක

ධර්මාශෝක: 179/9

(සෙනිත හැළඹගේ 63, ෂෙනොන් රොද්‍රිගෝ 25/5, ලෂ්මික පෙරේරා 20/2)

ශාන්ත පීතර: 183/2

(රුසඳ ගමගේ නොදැවී 63, නිමුතු ගුණවර්ධන නොදැවී 61, ඔවීන් සල්ගාදු 48)

ශාන්ත පීතර විද්‍යාලයට කඩුලු 8 ජයක්. 

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් – කොළඹ ආනන්ද

ආනන්ද: 160/8

(පුළිඳු කිරිඇල්ල 34, ඉරුත් ගිම්ෂාන් 31, මෙනූෂ පෙරේරා 17/3, තරිඳු එෂාන් 23/3)

ශාන්ත ජෝශප් වාස්: 161/7

(ජනිත් ෂෙහාන් නොදැවී 30, හංස මිහිරංග නොදැවී 30, පුළිඳු කිරිඇල්ල 23/2, ඉසුරු අයේෂ් 24/2)

ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයට කඩුලු 3 ජයක්.  

කුරුණෑගල මලියදේව – කොළඹ ඩී. එස්. සේනානායක

කුරුණෑගල මලියදේව: 174

(පසිඳු මේනක 75, ගයන වීරසිංහ 33, සෙනුර සිල්වා 19/3, අඛිත වීරසූරිය 20/3)

ඩී. එස්. සේනානායක: 165

(ගවිරු සෙන්හස් 74, චාරුක හේරත් 37/4, තේමිය බණ්ඩාර 22/3, කේෂාන් කරුණාරත්න 18/2)

මලියදේව  විද්‍යාලයට ලකුණු 9ක ජයක්. 

මොරටු විද්‍යාලය_පන්නිපිටිය ධර්මපාල

මොරටු විද්‍යාලය: 229/6

(ඉසුරු නිදර්ශන 92, සුඛිත දෙව්තිිළිණ 60, මලිත් රන්දික නොදැවී 33, චිතුම් චිරත්ම 39/3)

ධර්මපාල: 95

(මලිත් ප්‍රනාන්දු 14/3, ඉසුරු නිදර්ශන 17/2)

මොරටු විද්‍යාලයට ලකුණු 134ක ජයක්.  

කළුතර සිරිකුරුස – පානදුර ශ්‍රී සුමංගල

ශ්‍රී සුමංගල: 118

(සචිර ඩේමියන් 52, හිමරු දේශාන් 16/3, හිවින් කෙනුල 12/2)

සිරිකුරුස: 119/3

(ගයන්ත නදීෂ 46, රශාන් කේතක 36, විදූෂ පීරිස් 37/2)

සිරිකුරුස විද්‍යාලයට කඩුලු 7ක ජයක්. 

ජා-ඇළ ක්‍රිස්තුරාජ – කොළඹ අසෝක

ක්‍රිස්තුරාජ: 317/8

(අවිෂ්ක නිර්මාල් 82, රාජ්කුමාර් සූරියආරච්චි 59, ශෂාන් රශ්මික 46, සුපුන් චතුරංග නොදැවී 38, විශ්ව ආදිත්‍ය 50/3, බූලිත මින්තුරු 57/3)

අසෝක: 117

(ඉඳුවර මිනෙල් 27, රාජ්කුමාර් සූරියආරච්චි 25/4, ශරිත් සුදීන 13/2, සුපුන් චතුරංග 15/2)

ක්‍රිස්තුරාජ විද්‍යාලයට ලකුණු 200ක ජයක්. 

බළපිටිය රේවත _ කෝට්ටේ ශ්‍රී  ජයවර්ධනපුර ම.වි.

ශ්‍රී ජයවර්ධනපුර ම.වි: 169

(බියංක තමීර 62, අශේන් රන්දිම 25, කවීෂ ඉමාෂ 29/3, මලිත් මිහිරංග 33/3, දිනුර නෙත්මිණ 19/2)

රේවත: 170/9

(කමේෂ් චතුරංග 58, මලිත් මිහිරංග 40, තලීෂ සිල්වා 23/3, හේෂාන් උදාර 43/3)

රේවත විද්‍යාලයට එක් කඩුල්ලක ජයක්. 

මාතලේ ශාන්ත තෝමස් – කෑගලු විද්‍යාලය

කෑගලු විද්‍යාලය: 170/9

(කසුන් බණ්ඩාර 41, අශේන් රොද්‍රිගෝ 40, ප්‍රවීන් ප්‍රභාකරන් 26/3)

ශාන්ත තෝමස්: 172/4

(අනුරාධ රණසිංහ නොදැවී 98, කවිඳු ජයන්ත 41/2, දස්සන ගම්ලත් 54/2)

ශාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්. 

අනුරාධපුර ම.ම.වි. _ කළුතර විද්‍යාලය

අනුරාධපුර මමවි: 247/9

(ප්‍රමෝද්‍ය රසාංජන 80, තිළිණ චන්දීප 40, උදාන් තේජක 26/2, නවිඳු තෙනුර 37/2, දිනුක තිසාර 58/2)

කළුතර විද්‍යාලය: 94

(දිනුක තිසාර 31, හරිත දේවින්ද 24/5, කවිඳු ගිහාන් 6/2)

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 153ක ජයක්.

ඉෂාන් රශ්මිත