පුංචි ඡන්දය රටේ ප්‍රශ්නවලට විසඳුමක් නොවේ

0
118

පළාත් පාලන මැතිවරණය පැවැත්වූවාට රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව උත්තර ලංකා. සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය. එම මැතිවරණය පැවැත්වීමෙන් තවත් මුදලක් අනවශ්‍ය කාර්යයන්වලට වියදම් වන බවද එම මැතිවරණයෙන් පත්වන මන්ත්‍රිවරුන් නඩත්තු කිරීමට රජය මුදල් සොයන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අස්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව වහාම රටට හෙළි කළ යුතු බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

කොළඹදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය