පළමු විස්සයි-20 තරගයෙන්ම සංචාරකයන්ට කඩුලු 4ක ජයක්

0
3

ඕස්ට්‍රේලියානු පිලේ ඉන්දීය සංචාරයට පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් වාර්තා කර ගැනීමට ඕස්ට්‍රේලියානු පිල පෙරේදා (20දා) රාත්‍රියේ සමත් විය.

මොහාලිහිදී පැවැති මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ඉන්දීය පිල පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 6කට රැස්කළ ලකුණු 208ට පිළිතුරු සැපයූ ඕස්ට්‍රේලියාව පන්දුවාර 19.2කදී කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ කැමරන් ගී්‍රන් පන්දු 30කට පමණක් මුහුණදෙමින් ලකුණු 61ක් වාර්තා කළ අතර, මැතිව් වේඩ් පන්දු 21කදී නොදැවී ලකුණු 45ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා මෙහෙයවීය.

මෙහිදී පළමුව ලකුණු රැස්කළ ඉන්දීය පිල වෙනුවෙන් හර්දික් පාණ්ඩියා පන්දු 30කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමඟින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 71කි.

ලකුණු සාරාංශය

ඉන්දියාව – 208/6 (20)

(හර්දික් පාණ්ඩියා නොදැවී 71, ලෝකේෂ් රාහුල් 55, සූර්යකුමාර් යාදේව් 46, නාදන් එලිස් 30/3, ජොෂ් හැසල්වුඩ් 39/2)

ඕස්ට්‍රේලියාව – 211/6 (19.2)

(කැමරන් ගී්‍රන් 61, ස්ටීම් ස්මිත් 35, මැතිව් වේඩ් නොදැවී 45, අක්ෂාර් පටෙල් 17/3, උමේෂ් යාදේව් 27/2)