නීචකුල බන්ධන දැවී පුපුරායන මහා බල ඇති  සූර්ය දේවරාජ ගිනිකිරණ මාලා යන්ත්‍රය

0
25

රවි නොහොත් රිවි නම් හිරුය. රිවි වෙනුවෙන් නම් කරන දවස ඉරිදාය. ‘රා’ නම් හිරුයි. රා, මැරවි වෙයි. රවි > රිවි > ඉරි = ඉරි +දා > ඉරි, ඉර > හිර > හිරු වේ.

රවි නොහොත් හිරු සූර්ය දෙවියන් යනුවෙන් හැඳින් වේ. මෙලොව ජීවමානව අප දකින ප්‍රාණය ඇති සූර්යයා උදේ දකින දවල්ට ගිනිරැස් විහිදුවාන ආලෝකය පතුරා හවසට නොපෙනී අඳුරේ සැඟවී යන දෙවි කෙනෙකි. සූර්යයාට ලොව ඇති කිරීමට හා නැති කිරීමේ බලයක් ඇත. ලෝක විනාශය ඇති කිරීමට සූර්යයන් සත් දෙනෙක් පායන බව කියා ඇත.

හිරුගේ සියලු විස්තර මෙසේ පෙන්වා ඇත.

“ශ්‍රී මත් නාරායණාඪ්‍ය ප්‍රිය තම කමලාම් – ජාතවා ක්‍රිෂ්ණවේද– ප්‍රාප්ත ශ්‍රී  වස්ත්‍ර හස්ත්‍ර– ත්‍රි කටුක විලසාත් – කුංකු මා භාග්‍ය මාන්‍ය–

රක්තාං ගොදිත්‍ය මත–ති– හරිත භය යුත– – ශ්‍යන්ධනානු රුසුනු–

සාල් මල්ලේ‍යාධ්‍යාන භොගී දිසතරු වීරසෞ – පබ්ද දී ස– ශ්‍රී යන්ව–

රිවි දෙවිඳුගේ පියා නාරායන මහා ඍෂින්ය. මෑණියෝ කමලා නම් ස්ත්‍රියකි. ත්‍රිකුළු, කුංකුම භෝජනද සිරිවත අවියද, රථවාහනයද කාලිංග දේශයද, ඉඳුරු දිශාව හා ඉඹුල් විමානයද පත්මරාග මැණික්ද, කැති, තුරුපල් තුරුසල නැකැත් තුනද සිංහ රාශියද රන්වන් පාටද හිරුගේ උප භෝග වස්තූන් එසේය. “ආදිත්‍යයෝ භෝජනම්” බත්වල උපත සිදුවූයේද ඉරිදා බව කියැවේ. ඒ නිසා පුරාණයේ විසූ මන්ත්‍රවේදීන් මෙම සූර්ය දෙවියන්ගේ බල පිහිටුවා මෙම සූර්ය දේව ගිනිකිරණ රාජ මාලා යන්ත්‍රය සකසා ඇත.

මේ යන්ත්‍රය රවි දින රවි හෝරාවෙන් තඹ, රිදී තහඩුවක ඇඳ පංචෝපකාර මල් යහන සකසා එහි බුලත් 33, සූර්යකාන්ත මල් 3, කහ, රතු මල්, පලතුරු 9 වර්ගය, කිරිබත් ගුළි එළකිරෙන් සකසා 21, ලදපස් මල් පුදා යමකාල දිෂ්ටියෙන් 21 වර දිෂ්ටිකර, මෙම මන්ත්‍රයෙන් 1008 වර ජපකර, කර පැලඳීම, සාක්කුවේ බහා ළඟ තබා ගැනීමට, නිවෙසේ සවි කිරීමට අඟල් 7” – 7” දිග පළල තඹ පතේ ඇඳ එල්ලා තබන්න.

“මන්ත්‍රය – ඕං නමෝ භගවතෝ හී්‍රං හී්‍රං කාලී කට්ටු දේවගින් බ්‍රාඩි කට්ටු සිලංබර පත්‍රකාලී කට්ටු ඊශ්වර විෂ්ණු කට්ටු ඉÂද්‍රගුරු චන්ද්‍රයානේ කට්ටු සර්ව ගිනි සූර්යානේ කට්ටු භූම දේවි නාග කාලධාරනේ කට්ටු සර්ව බුධ ලෝකයානේ කට්ටු අසුසාර ල‍ෙක්‍ෂ කට්ටු සන්නිභූත, ප්‍රේත ල‍ෙක්‍ෂ කට්ටු සූනියන් පිල්ලි ල‍ෙක්‍ෂ කට්ටු හනුමා පත්‍ර කාලීදේව පුත්‍ර කට්ටු ආලෝක බන්ධන සූර්ය දැහනෙන් කට්ටු පුට්ටු.

ඕං නම– සූර්යය දිව්‍ය රාජා අනින් මහා කාර්යය වසං කරාය නම– මහා දේව වසංකරාය නම– මහා යක්ෂ, යක්ෂිණී වසංකරාය නම– සර්ව ස්ත්‍රී පුරුෂ වසංකරාය නම– සර්ව මුග– වසංකරාය නම– සර්ව කාර්යය සිඬත්තු මහා සූර්යය දේව ගිනි කිරණ මාලාවේ සත්‍යානු භාවේන (තමාගේ නම….) ගේ ජීවිත ආරක්ෂන්තු කුරු කුරු ජය ජය ඒස්වාහ–..”

මෙම යන්ත්‍රය භාවිත කිරීමෙන් ලැබෙන ශුභයන් වන්නේ හස්ති සමූහයා මැදට වන් කේශර සිංහ රාජයකු මෙන් ජය ලැබේ. තම අභිමත ඉෂ්ට වේ. නැකැත්, මර, ග්‍රහවේද ළං නොවේ. භූමි බන්ධවලට ඉඩමේ අට කොන පස් ගෙන ඉටි පහ එක්කර සතර ගුලක රූපය තනා සතගුලක තඹ පතේ රූපය ඇඳ ඊට මැදිකර තනා බෙල්ලෙන් උඩ රතු පාට කර ඉණෙන් පාත දණෙන් උඩ කළු කර කකුල් රන්වන් පාට කර රූපය තනා ගොටු අට තබා මතුරා මරු සුන්‍යයෙන් වළලනු.

ළිප යට තුන්දින ගිනි කරනු. කරුණු ඉෂ්ට වේ. නිවෙසට, භූමියට කර ඇති කොඩිවින, නීචකුල බන්ධන දැවී ගිනිවී පුපුරා යයි. වින නොවදී. නඩු- තරග ජය හිමි වේ. රජුන් ජනී ජනයා වශී වෙයි. නවග්‍රහ අපල භංග වී දැවී යයි. විවාහ ප්‍රමාද බාධා දුරු කර යහපත් විවාහ ඉටුවේ. උතුමන්ගේ සිත වසඟ වේ. වාසනාව, භාග්‍ය ගෙන දේ.

ඉඳුවර ගෞරව සම්මානනීය  ජේ‍යාතිෂ විද්‍යාජෝති,

ගුප්ත විද්‍යා කීර්ති, වාස්තු විද්‍යා උපදේශක

ජිනදාස එදිරිසිංහ

පොලිසිය අසල, රඹුක්කන

0770730062, 0762738404