ජනපති හා පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය අතර හමුවක්

0
5

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැටි්‍රෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් පෙරේදා (20දා) පැවැත්විණි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී  ලංකාව අතර අනේ‍යාන්‍ය සහයෝගිතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (james cleverly) විසින් චර්ච් හවුස් හිදී සංවිධාන කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 18 වැනිදා එක් වූ අතර එහිදී ලෝක නායකයන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසිණි.