ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ගලි බවුසරය වසර දහයක් තිස්සේ වැඩකට නොගෙන පැත්තක

0
5

සභාව සතු ගලි බවුසරය වසර දහයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පැත්තකට දමා ඇති හෙයින් එය දිරාපත් වෙමින් පවතින බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු වන ඉන්දික ජයමාන්න ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේදී පැවැසීය.

හෙතෙම මෙම අදහස් පළ කළේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සැප්තැම්බර් මාසයට නියමිත මාසික සභා රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික ජයමාන්න

මෙය සභාවට අවශ්‍ය නොමැති නම් සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රයෝජනයට ලබාදෙන්න. මෙලෙස රජයේ දේපළ විනාශ වීම බලවත් අසාධාරණයක්.

ප්‍රාදේශීය සභා මන්ත්‍රි සුරංග මැණික් (ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය)

සභාව සතු දේපළක් වෙනත් ආයතනයකට දෙනවාට වඩා හොඳයි එය සභාවේ ප්‍රයෝජනයට ගන්නවානම්.

සභාපති ශ්‍රී  ලාල් සෙනරත් (ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ)

මෙම ගලි බවුසරයට තව යම් යම් කොටසක් අවශ්‍යයි. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. කොහොම වුණත් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ඒ පිළිබඳව ඉල්ලීම් ලිපියක් සභාවට ලැබී නෑ. එහෙම ඉල්ලීමක් ලැබුණොත් සලකා බලන්න පුළුවන්.

කල්තොට _ එස්. වීරවංශ, බළන්ගොඩ _ පියසේන එන්. හේවගේ