ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය අතර හමුවක් (PHOTOS)

0
155

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) අතර හමුවක් ඊයේ (සැප්. 20) පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගොස් සිට අවස්ථාවේදී මෙම හමුව සිදු වී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි (James cleverly) චර්ච් හවුස්හිදී සංවිධානය කර තිබූ  පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 18 වන දා එක් වී ඇති අතර එහිදී ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරට ත් නිවේදනය කර ඇත.