දිවි නසා ගන්නා බවට ලිපියක් ලියා අතුරුදන් වී සිටි පේරාදෙණිය සිසුවාගේ මළ සිරුර හමුවෙයි

0
422

අතුරුදන් වී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව් වන වසරේ සිසුවාගේ මළ සිරුර අද (සැප්. 21) පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළින් පිටවීමට පෙර සිසුවා විසින් ලියා හබන ලද ලිපියක් හමුවූ අතර තමන් මහවැලි ගඟට යන බව ඔහු එහි සඳහන් කර තිබීම නිසා පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුහු දින ගණනාවක් තිස්සේ මහවැලි ගඟ දෙපස පරීක්ෂාවට ලක් කළහ.

ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය හා ඇස් කණ්ණාඩි යුගල ඔහු නවාතැන් ගෙන පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරය තුළ සොයා ගැනීම නිසා මොහු දිවි නසා ගන්නට ඇතැයි තදබල සැකයක් ඇති වී තිබිණි.

සිසුවාගේ මළ සිරුර දින ගණානවක් ජලයේ තිබීම නිසා ඉදිමී බෙහෙවින් නරක් වී තිබීම නිසා එය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ තිබූ බව ත් විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ නිල් පැහැති ටී ෂර්ට් එකක් හා දුඹුරු පැහැති කලිසමක් ඇද තිබූ පුද්ගල මළ සිරුරක් නිසා එය අදාළ සිසුවාගේ වන්නට ඇතැයි සැක කළ බව ත් පොලිසිය පැවසීය.

පසුව එම සිසුවාගේ දෙමව්පියන් පැමිණ මළ සිරුර හඳුනා ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යා අධ්‍යයනාංශයේ මනෝවේදී විශේෂ උපාධිය හදරාමින් සිටියදී අංජන කුලතුංග (23) නමැති තම දරුවා අතුරුදන් වූ බව පවසමින් ඔහුගේ දෙමව්පියන් සැප්. 16 වන දා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.