SLT-MOBITEL වෙතින් ‘The Arena’: නවෝත්පාදනය හා තාක්ෂණය ජනතාවට සමීප කරන අත්දැකීම් කේන්ද්‍රයක්

0
18

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විස¾දුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා ‘The Arena’ නමින් නවතම අත්දැකීම් මධ්‍යස්ථානයක් (Experience Centre) විවෘත කළේය. ඩිජිටල් පරිවර්තනය ඔස්සේ ජනතාවගේ ජීවන රටාවන් වඩාත් යහපත් කිරීමට උපකාරී වන පෙරළිකාරී නව තාක්ෂණයන් හා සේවාවන් ජනතාවට හ¾දුන්වාදීම මෙහි අරමුණයි.

කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) මෙම අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජේ‍යෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.

“වර්තමාන ඩිජිටල් යුගයේ නිවාස මෙන්ම ව්‍යාපාර තුළ නව්‍ය විස¾දුම් භාවිතා කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යයි. ‘The Arena’ මධ්‍යස්ථානය තුළදී අපගේ ගනුදෙනුකරුවන්ට සහ ව්‍යවසායකයන්ට තම ජීවන රටාවන් අලුතින් නිර්වචනය කරන විස¾දුම් සහ සේවාවන් අත්විඳීමට අවස්ථාව ලැබේවි. සුහුරු නවෝත්පාදන සහ නවීන තාක්ෂණය එකිනෙක මුසුවන මෙම මධ්‍යස්ථානය මෙරට තොරතුරු, සන්නිවේදන සහ දුරකථන සේවා කර්මාන්තයට පුරෝගාමී ආදර්ශයක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා” SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.