මිහින්තලේ විහාරාධිපති හිමි අගමැතිගේ මූණට ම කිව්ව සැර කතාවේ හොඳ ම ටික (VIDEO)

0
274

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් හමුවේ ප්‍රකාශ කළ පරිදි ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පසුගිය දා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අනුරාධපුරයේ කළ සංචාරය අතරතුර මිහින්තලා රජමහා විහාරයට ගිය අවස්ථාවේදී ය.

මහ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස ඉල්ලා සිටියේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස බව ද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ ද අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස වුව ද ඊට ඔහු අපොහොසත් වූ බව ය.

අවසානයේ ඔහු ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් බවට පත් වූ බව ධම්මරතන හිමියෝ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ…