Alumex අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා පරිසර හිතකාමී Low Carbon ඇලුමිනියම් හදුන්වා දෙයි

0
17

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ තිරසර නවෝත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලුමිනියම් නිෂ්පාදනයේ ජාතික ප්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලුමිනියම් හ¾දුන්වාදීම පිළිබඳව නිවේදනය කළේය.

සපුගස්කන්ද ප්‍රදේශයේදී ස්ථාපිත කරන ලද Alumexහි නව නවීනතම ඇලුමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carbon ඇලුමිනියම් නිෂ්පාදනය සක්‍රීය කරන අතර දැනටමත් එහි පළමු අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි. මෙමඟින් අපනයන වෙළෙඳපළ ජය ගැනීම යථාර්ථවත් කරන අතර රුපියල් බිලියන 1.0ක ආයෝජනයක් සිදුකර එය දෙවැනි අදියර දක්වාද පුළුල් කරයි.

ලොව ඇති නවීනතම සහ පරිසර හිතකාමී තාක්ෂණයන් ඇතුළත් කරමින් නව පහසුකම හරහා Boxite මඟින් ප්‍රාථමික ඇලුමිනියම් නිෂ්පාදනයේදී පරිභෝජනය කරන මුළු ශක්තියෙන් 5%ක් පමණක් ප්‍රයෝජනයට ගනිමින් ඉහළම තත්ත්වයේ ඇලුමිනියම් billets නිෂ්පාදනය කිරීමට Alumex හට හැකියාව ලැබේ. තවදුරටත් ස්වයංක්‍රීයකරණය මත පදනම් වූ ප්‍රශස්තකරණයන් Alumex හි බලශක්ති පරිභෝජනය 20% දක්වා අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා පවසන පරිදි මෙම නිෂ්පාදනය ශ්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාරිසරික සහ කාබන් පියසටහන් අවම කිරීමට දරණ වෑයමකි. එමෙන්ම මෙහිදී “Ozon” භාවිත කරමින් ඉහළම ගෝලීය තත්ත්ව ප්‍රමිතීන් පවත්වාගෙන යන අතර Ozon billets සඳහා ඔවුන්ගේ විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉහළ ඉල්ලූමක් පවතී. විශේෂයෙන් Low Carbon ඇලුමිනියම් සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය සහ  ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල ඉහළ ඉල්ලූමක් පවතී. වර්තමානයේ පවතින අර්බුදකාරී තතත්වය තුළ ඉතා අත්‍යවශ්‍ය සහ ප්‍රමුඛ වැදගත්කමක් ඇති විදේශ විනිමය මෙරටට ගෙන ඒමට මේ හරහා Alumex හට හැකි වේ.

“ඇලුමිනියම් යනු අසීමිත හැකියාවන් ඇති සහ නැවත නැවත භාවිත කළ හැකි ද්‍රව්‍යයක්. නිවැරදිව සකසන ලද විට ගුණාත්මක හා හානියකින් තොරව එය භාවිත කිරීමට, උණු කිරීමට සහ නැවත සකස් කිරීමට පුළුවන්. අපගේ නව පහසුකම හරහා Alumex විසින් නැවත නැවත භාවිත කිරීම සක්‍රිය කිරීම, ඍණාත්මක පාරිසරික බලපෑම සහ බලශක්ති භාවිතය විශාල ලෙස අඩු කරනවා. ඒ වගේම අපි දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක නිෂ්පාදන දේශීය සහ ගෝලීය වෙළෙඳපොළ වෙත බෙදාහැරීම සඳහා අපගේ සන්නාමයේ කීර්ති නාමය අඛණ්ඩව පැතිරවීම සහතික කරනවා.” යනුවෙන් දැදිවෙල මහතා වැඩිදුරටත් පැවැසුවේය.

Hayleys Life Code අනුගමනය කරමින් හේලීස් සමූහයේ සියලූම සමාගම් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මුලපිරීම් සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරන අතර Alumex ද තිරසරභාවය කේන්ද්‍ර කරගත් අපනයන සංවර්ධනය අවධාරණය කරමින් සිය උපායමාර්ග වඩාත් ශක්තිමත් ලෙස සකස් කර ඇත.

“අපි රටක් ලෙස වඩාත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින කාලයක ආයෝජන සහ නවෝත්පාදනයන් තුළින් ඉදිරියට යෑම සහ ඊට නායකත්වය දීම අපගේ වගකීම බව අපි විශ්වාස කරනවා. කාබන් විමෝචනය සහ බලශක්ති පරිභෝජනය අවම කරමින් අපගේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට දායක වෙමින් ගෝලීය වේදිකාවක් මත තරඟ කළ හැකි නිෂ්පාදන මෙහෙයුම් නිර්මාණය කිරීමට Alumex කණ්ඩායම දරණ උත්සාහය Hayleys Life Code හි දක්වා ඇති හොඳම පරමාදර්ශවලට අනුකූල වෙනවා. ඒ වගේම ඔවුන්ගේ නවෝත්පාදන ආකල්පය පිළිබඳව ඔවුන්ට ප්‍රශංසා කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේය.

Alumex දැනටමත් එහි අමුද්‍රව්‍ය අවශ්‍යතාවෙන් 50%ක් සඳහා ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ලෝහ භාවිත කරයි. මෑතකදී Alumex පරිසරය සුරැකීමේ සිය මුලපිරීමේ කොටසක් ලෙස භාවිත කරන ලද ඇලුමිනියම් බීම කෑන් (UBCs) එකතු කිරීමේ නියමු ව්‍යාපෘතියක් රට තුළ ක්‍රියාත්මක කළේය. සාමාන්‍යයෙන් භාවිත කරන ලද ඇලුමිනියම් බීම කෑන් කිලෝග්‍රෑම් 1ක් ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් bauxite කිලෝග්‍රෑම් 8ක්, රසායනික නිෂ්පාදන කිලෝග්‍රෑම් 4ක් සහ විදුලිය kWh 14ක් ඉතිරි කරගත හැකිය.