පේරාදෙණිය සරසවියේ නවක වධ සිද්ධියට සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

1
335

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ සිසුන් පිරිසකට පහර දීමේ නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අද (සැප්. 21) උදෑසන සිසුන් තිදෙනෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සමග පැමිණ පොලිසියට භාර වී ඇති බව ය.

අත්අඩංගුවට ගත් සිසුන් කලා පීඨයේ සිව් ව නවසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 24ක් වන තල්එළිය, අම්බලන්ගොඩ සහ තුන්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතරුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ (සැප්. 20) පියවර ගෙන තිබිණි.

1 COMMENT

  1. Nawaka wadaya ahinsaka jeevitha biliganna maaranthika pililayak. Yahapath demavupiyanta daawa upan yahapth vinaya garuka daruwan vishwa vidyaala walata peminenne dahasak balaaporoththu hithe thiyaagena. Ovunge ilakkaya upadhiyak labaagena samaajayata wedadaayaka ugathun pirisak hetiyata ratata deyata sevayak kireematayi. Demavupiyange saha pavule ayageth, shishta samajaye pethumath eyamayi. Yakshayinta daawa upan yak patavunta ewani yahapath daruwange jeewitha vinaasa kireemata ida diya yuthu netha. Yahapath daruwan aarakshaa kara samaajayata wedadaayaka pirisak lesa ovunge igeneeme katayuthu saamakaamiwa karagena yaamata sudusu yahapath parisarayak godanegeemata saha vinayagaruka sisuvan saha sisuviyan aaraksha karageneema paalaka mandalaya, demavupiyan saha puravasiyan lesa apa semata vishala wagakeemath pawaree ethia bawa piligatha yuthuyii. Namuth samaha mandapa ewani dewal nisi piliwelata siduwenawadayi prashmnayak. Ihala putuwalata kondak thibena honda pririmeyeku hoe honda nirbeetha geheniyaka path nokirimath mewani abhagyasampanna dewal siduweemata eka hethuwak. Ema nisa ema pililayan kese hoe hondin hoe narakin mulinuputa damaa vinasha kara demeemata siyalu denaama athwel benda gatha yuthuyi. Ewani Yakshayinta sudusu bhoomiya Vishwa vidyalaya nowa Ovunta wadaathma sudusu thena wanne paathaalayayi.

Comments are closed.